Home Tech News Windows වෙනුවට replace වෙන HarmonyOS
Tech News

Windows වෙනුවට replace වෙන HarmonyOS

Share
huawei-os
Share

Huawei සමාගම ඔවුන්ගේ HarmonyOS Next මෙහෙයුම් පද්ධතිය සමඟ අලුත් ගමනක් යාමට සූදානම් වෙමින් පවතීයි. එහි තවත් එක් පියවරක් ලෙස දැනට වෙළඳපොළේ ඇති Windows සහාය දක්වන Huawei ලැප්ටොප් තොගය , Windows සහාය දක්වන අවසාන ලැප්ටොප් තොගය බවට පත්කරමින්, 2024 අවසානය වන විට ඔවුන්ගේ මෙම HarmonyOS සම්පූර්ණ වශයෙන් භාවිතා කිරීමට හැකි නව ලැප්ටොප් තොගයක් වෙළදපොළට නිකුත් කිරීමට Huawei සමාගම බලාපොරොත්තු වේ.

නමුත් Huawei සමාගමට මුහුණ දීමට ඇති අභියෝග වනුයේ , ‌දැනට පවතින ප්‍රසිද්ද යෙදවුම් HarmonyOS සදහා තවමත් සංවර්ධනට වී නොතිබීම සහ HarmonyOS සඳහා යෙදුම් සංවර්ධනයට සිටින මෘදුකාංග සංවර්ධකයින්ගේ හිඟයක් පැවතීමයි . Huawei සමාගමේ පාරිභෝගිකයින් මෙම HarmonyOS හි ඉදිරි ගමන පිළිබද ඉමහත් බලාපොරොත්තුවෙන් බලා සිටියී. Global Times , මෙම HarmonyOS Next වෙතට පැසසුම් එක් කර ඇති අතර , චීන රජය, ඔවුන්ගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙස HarmonyOS භාවිතා කිරීමට සැලසුම් දියත් කරමින් පවතියී .එම නිසා Huawei සමාගමට යාමට ඇති මෙම ගමන ඉතා අභියෝගාත්මක ගමනක් වීම නොඅනුමානයි .

මීට පෙර Windows මෙහෙයුම් පද්ධතිය සමඟ පැමිණ තිබෙන Huawei ලැප්ටොප් පරිගණක වල, මෙම HarmonyOS Next මෙහෙයුම් පද්ධතිය භාවිත කල හැකිද යන්න Huawei සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර නැත. කෙසේ වෙතත් මෙම ලැප්ටොප් පරිගණක වලට HarmonyOS Next වෙතට යාවත්කාලීන වීමට Huawei සමාගම විසින් අනාගතයේ මෙවලමක් නිකුත් කිරීමට ද ප්‍රවණතාවයක් පවතී.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...