Home Tech News Explained නව UI එකක් සමග අලුත් වෙන WhatsApp
Explainedsocial mediaTech News

නව UI එකක් සමග අලුත් වෙන WhatsApp

Share
blank
Share

මෙටා සමාගම විසින් WhatsApp වල පෙනුම වෙනස් කරන්න සූදානම් වෙනව. මේ ආකාරයට වෙනස් කරන ලද new UI එක දැන් beta පරිශීලකයන් සදහා නිකුත් කර තිබෙනව. මෙය Android 2.23.21.12 අප්ඩේට් එකෙ නවාංගයක් ලෙසයි beta පරිශීලකයන් සදහා නිකුත් කර තිබෙන්නෙ. ඒවගේම මෙම අප්ඩේට් එක තෝරාගත් beta පරිශීලකයන් සදහා පමනයි ලබාදී තිබෙන්නෙ.

මෙම අප්ඩේට් එක තුල new icons සහ options ඇතුලත් කර තිබෙනව. දැන් ඇප් එකෙ theme color එක කොළ පාට වන අතර ඔබට WhatsApp ලාංඡනය, ‘new chat’ අයිකනය සහ යෙදුමේ විවිධ කොටස් සඳහා පවා කොළ වර්ණයෙන් ‍යුක්ත වෙනව දැකගන්න පුලුවන්.

ඔබ ඇප් එකෙ යම් කොටසක සිටින විට, එය කොළ වර්ණවලින් දීප්තිමත් වෙනව. මෙම නව පෙනුම යෙදුමේ light සහ dark modes දෙකටම අදාල වෙනව. WhatsApp modes දෙක සඳහාම සැලසුම් වෙනස්කම් ගෙන එන බැවින් මෙය ඉතා හොඳ දෙයක්. වඩා හොඳ අදහසක් සඳහා ඔබට මෙය පහතින් පරීක්ෂා කරන්න පුලුවන්.

මෙය පරිශීලකයන්ට සාදරයෙන් පිළිගත හැකි වෙනසක් වනු ඇති අතර මෙහි ඇප් එක තුල navigating පහසු කර තිබෙනව. මෙම වෙනස්කම් iOS සඳහාත් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු වෙන්න පුලුවන්. කෙසේ වෙතත්, WhatsApp මෙම අප්ඩේට් එක සාමාන්‍ය පරිශීලකයන් සදහා ලබා දීමට තීරණය කරන්නේ කවදාද යන්න තවමත් නිශ්චිත නැහැ.

මීට අමතරව, WhatsApp විසින් share sheet menu සඳහා වැඩි වර්ණ සහිත new icons සහ new group chat event විශේෂාංගයක් ද පරීක්‍ෂා කරමින් සිටින අතර, එමගින් ඔබට groups වල සියලුම සාමාජිකයන් සම්බන්ද වන ලෙස events නිර්මානය කිරීමේ හැකියාව ලබාදෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...