ඔන්න, AMD ආයතනය ඔවුන්ගේ නවතම Ryzen X3D ප්‍රොසෙසර් මාර්තු 12 වනදා නිකුත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ නව ප්‍රොසෙසර් මාලාව පරිගණක ක්‍රීඩාවන් සදහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇති අතර, පරිගණක ක්‍රීඩකයින්ට වඩාත් වැදගත් වෙනවා.
මේ මාලාවේ Ryzen 9 9950X3D ප්‍රොසෙසර් එක 16 Zen 5 core සහිතව, 5.7GHz උපරිම වේගයක් සහ 144MB ක විශාල cache මතකයක් සහිතව නිර්මාණය කරලා තියෙනවා. AMD ආයතනය පවසන්නේ, මේ ප්‍රොසෙසර් එක Intel Core i9 285K ප්‍රොසෙසර් එකට සාපේක්ෂව 20% ක වේගයකින් වැඩි බවයි. එසේම, පසුගිය වසරේ නිකුත් කළ 7950X3D ප්‍රොසෙසර් එකට සාපේක්ෂව 8%කින් වේගය වැඩි බවයි.
AMD ආයතනයේ 3D V-Cache තාක්ෂණය මගින්, ප්‍රොසෙසර් එකට වැඩි දත්ත ප්‍රමාණයක් වේගයෙන් සැකසීමට හැකියාව ලැබෙනවා. මේ නිසා, පරිගණක ක්‍රීඩාවන් සහ rendering කටයුතු වලදී වැඩි කාර්යක්ෂමතාවක් ලබාගත හැකියි.
එසේම, AMD ආයතනය Ryzen 9 9950X3D ප්‍රොසෙසර් එකට අමතරව, 12 core සහිත Ryzen 9 9900X3D ප්‍රොසෙසර් එකක්ද නිකුත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රොසෙසර් එක 5.5GHz උපරිම වේගයක් සහ 140MB ක cache memory එකක් තිබෙනවා. මෙම ප්‍රොසෙසර් දෙකම මේ මාසයේදී ලබාගත හැකි බව AMD ආයතනය පවසනවා.
මේ නව ප්‍රොසෙසර් මාලාව, පරිගණක ක්‍රීඩාවන් සහ rendering කටයුතු වලදී වැඩි කාර්යක්ෂමතාවක් සහ වේගයක් ලබාදීමට උපකාරී වෙන බවයි සදහන් වෙන්නෙ.














Leave a comment