Press ESC to close

WhatsApp වලට හඳුන්වාදුන් අලුත් පහසුකම්

WhatsApp විසින් මේ වෙනකොට තරඟකාරී messaging services අතරේ තමන්ගේ තැන රැකගන්න එක දිගට අලුත් පහසුකම් එකතු කරමින් ඉන්නේ. තවමත් Telegram වගේ පහසුකම් වලින් සමන්විත නොවුනත් ලෝකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන messaging සේවාව විදිහට අලුත් පහසුකම් නිතර හඳුන්වාදෙන එක හොඳ දෙයක්. ඉතින් පසුගිය සතියේ WhatsApp විසින් group call එකක් තුලදි තමන්ට අවශ්‍ය පුද්ගලයෙක් mute කිරීමට පහසුකම හඳුන්වාදුන්නා. මේ පහසුකමින් වැඩි පිරිසක් සහභාගී වෙන group call එකක් තුලදි තමන්වව mute කරගැනීමට අමතක වුන සාමාජිකයෙක්, තමන් හෝ වෙන කෙනෙක් කියන දෙයක් echo වෙන සමාජිකයෙක් mute කිරීමට පුලුවන් වෙනවා.

Zoom සහ Microsoft Teams වගේ conferencing app වලදි host ට සියලු සහභාගීවන්නන් mute කිරීමට හැකියාව තිබුනත් එක් එක් සමාජිකයන්ට තමන් කැමති කෙනෙක් mute කිරීමට හැකියාව ලබාදීල නෑ. ඉතින් මේ පහසුකමින් උපරිම සාමාජිකයින් 32ක් එකතු විය හැකි voice calls සහ සාමාජිකයින් 8 දෙනෙක් එකතු විය හැකි video calls වල ඇතිවිය හැකි අවුල් සහගත තත්වයන් පොඩ්ඩක් අඩු කරගන්න අවස්ථාව සැලසේවී.

Get Your Site Up with A2 Hosting

මීට අමතරව WhatsApp විසින් group call එකක සිටිද්දිම අවශ්‍ය පුද්ගලයාගෙ DP එක long tap කරගෙන සිටින විට එන menu එකෙන් ඒ සාමාජිකයාට කෙලින්ම පණිවිඩයක් යවන්න අවස්ථාව සලසනවා. සමහරවිට එහෙම group call එකක සිටින විට call එකේ සිටින වෙනත් පුද්ගලයෙක්ට ඉක්මණින් පණිවිඩයක් යවන්න අවශ්‍ය වෙලාවට මේ පහසුකම යොදාගන්න පුලුවන්, ඒ වගේම අලුතෙන් පුද්ගලයෙක් group call එකට එකතු වූ විට එයත් අලුත් banner එකකින් දැනුම් දෙනවා.

Group call වලට එක් කරපු පහසුකම් වලට වඩා දේවල් ටිකක් මේ වෙන්කොට WhatsApp වලට හඳුන්වලා දීල තියනවා. පසුගියදා WhatsApp විසින් නිකුත් කරපු update එකකින් last seen, DP එක සහ about එක පෙන්විය යුත්තේ මොන contacts වලට විතරක්ද කියන එක සකසන්න අවස්ථාව සලසල දීල තියනවා. ගිය අවුරුද්දෙදි පෞද්ගලිකත්වය රැකීමේ පියවරක් ලෙස WhatsApp විසින් last seen ආගන්තුකයන්ගෙන් සැඟවීම default setting එක ලෙස හඳුන්වාදුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *