Press ESC to close

තත්පර 80න් සියයට 20 දක්වා charge කලහැකි Realme GT Neo5 දුරකථනය

Redmi සමාගමෙන් පසුගිය වසරේදී 210W චාජරයක් සහිත Redmi Note 12 Discovery දුරකථනය හදුන්වා දෙනු ලැබුව. ඔවුන්ව අභිබවා යමින් තවත් චීන සමාගමක් වන Realme සමාගම 240W චාජරයක් සහිත දුරකථනයක් නිකුත් කර තිබෙනව. මෙය Realme GT Neo5 වන අතර එහි 4,600mAh සහිත බැටරියක් අඩංගු වෙනව.

මෙම දුරකතනය 0 සිට 20% දක්වා චාර්ජ් වීමට ගතවන්නෙ තත්පර 80ක් තරම් කෙටි කාලයක්. ඒවගේම 50% චාර්ජ් වීමට විනාඩි 4කුත් 100% චාර්ජ් වීමට විනාඩි 9.5කුත් ගතවීම විශේෂත්වයක්. මෙය ඔවුන් හදුන්වන්නෙ Realme’s 240W SuperVOOC rapid charging පහසුකම ලෙසයි. මෙහි USB-C cable එක මගින් 20V/12Aක විදුලියක් ගෙන යනව. මේ ආකාරයට චාර්ජ් කලද Realme පවසන ආකාරයට වසර 4ක් ගිය පසුද මෙම දුරකතනයේ battery health එක 80%කට වඩා අඩු නොවෙයි.

Get Your Site Up with A2 Hosting

Realme’s GT Neo5 දුරකතනයේ පිටුපස Snapdragon 8+ Gen 1 ලෝගො එක ඇති අතර එය වටේට RGB light ring එකක් තිබෙනව. එහි වර්ණ 25 තිබෙන අතර ඒවා charging, gaming සහ messages වල notification සදහා තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න පුලුවන්. මෙහි 50-megapixel ප්‍රධාන කැමරාවක් ඇති අතර ඊට අමතරව 8-megapixel ultra-wide camera සහ 2 megapixel macro camera එකක් අඩංගු වෙනව.

මෙම දුරකථනයේ 6.74-inch 2,772 x 1,240 resolution එකක් සහිත AMOLED screen එකක් තිබෙන අතර 144Hz refresh rate එකක් සහ 1,500Hz touch sampling rate එකක්ද අඩංගු වෙනව. තවද 16-megapixel punch-hole selfie camera එකක් මෙහි ඇති අතර මෙම දුරකතනය කලු, සුදු සහ දම් යන වර්න වලින් මිලදී ගන්න තිබෙනව.

මෙම දුරකතන දැනට මාදිලි දෙකකින් චීනයේ පමනක් මිලදී ගන්න ලැබෙනව. එනම්, 16GB RAM සහිත 256GB storage මාදිලිය සහ 1TB storage මාදිලිය ලෙසයි. මෙය ආසන්න වශයෙන් $520ක් පමන වෙනව. Realme පවසා තිබුනේ ඉක්මනින්ම මෙය ජාත්‍යාන්තර වෙළදපොලට නිකුත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *