Home Tech News Windows Safe Mode ගැන ඉගෙනගමු
Tech News

Windows Safe Mode ගැන ඉගෙනගමු

Share
Share

Windows Safe Mode කියන්නේ පරිගණකය මූලික drivers සහ Services පමණක් භාවිතා කරමින් පරිගණකය ක්‍රියාත්මක වන ක්‍රමයකි. මෙය සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ system එකේ ඇති software වල ගැටළු troubleshoot කිරීමට සහ ඒවා fix කිරීම සඳහාය. සාමාන්‍යයෙන් Windows ආරම්භ වන විට ක්‍රියාත්මක වන third-party software, antivirus, drivers වැනි දේවල් Safe Mode එකේදී ක්‍රියාත්මක නොවන නිසා, ගැටළුවක් හඳුනා ගැනීමට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

මෙම Safe Mode එකට පිවිසෙන්න ආකාර කීපයක් තියෙනවා. Windows 10 සහ 11 වලදී Safe Mode එකට පිවිසෙන්නේ Settings > Update & Security > Recovery යන මාර්ගය හරහා Restart now යන්න තෝරා Advanced startup menu එකට යන්න පුළුවන්. එහි Troubleshoot > Advanced options > Startup Settings යන්න තෝරා Restart කිරීමෙන් පසු, F4 (Safe Mode), F5 (Safe Mode with Networking), F6 (Safe Mode with Command Prompt) යන විකල්ප ඔබට තෝරාගත හැක. ඔබට Windows වලට සාමාන්‍ය ලෙස log වීමට නොහැකි නම් Windows Installation USB ධාවකයක් මගින් Windows Setup එක Load කරගෙන එහිදී CMD prompt එකක් මගින්ද Safe mode වෙත පිවිසිය හැක. සමහරක් පරණ Windows version වලදී බොහෝ විට පරිගණකය ආරම්භ වන විට F8 වැනි key එක ඔබා Safe Mode menu එකට පිවිසෙන්නත් පුළුවන්.

Safe Mode එක භාවිතයේ දී ඇති වාසි කීපයක් ම තිබෙනවා. Safe Mode භාවිතා කරමින් virus/malware වැනි දෑ remove කිරීම, corrupted drivers & updates uninstall කිරීම, system restore කිරීම වැනි troubleshooting පහසුවෙන් මෙහිදී සිදු කල හැකිය. මෙය system එකේ root-level ගැටළු හඳුනා ගැනීමට සහ repair කිරීමට ඉතාමත් ප්‍රයෝජනවත් වේ. නමුත් Safe Mode එකේදී resolution අඩු වීම, sound/video drivers ක්‍රියා නොකිරීම වැනි සීමාවන්ද ඇත. ඒත් troubleshooting වැඩ වලට , මේක ඉතා වැදගත් විශේෂාංගයක් කියලා කියන්නත් පුළුවන්.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...