Home Tech News මොකක්ද මේ Google Stitch කියන්නෙ?
Tech News

මොකක්ද මේ Google Stitch කියන්නෙ?

Share
blank
Share

Google විසින් නව AI විශේෂාංගයක් හඳුන්වා දීල තියනවා. එය “Stitch” ලෙසයි හදුන්වා දීල තියෙන්නෙ. මෙම මෙවලම UI (User Interface) නිර්මාණය සහ frontend coding සදහා බාවිතා කරන්න පුලුවන්. මෙය වෘත්තීය නිර්මාණකරුවන්ට පමණක් නොව, ආධුනික පරිශීලකයන්ටද බාවිතා කළ හැකි ආකාරයට නිර්මානය කර තිබෙනවා.

Stitch, Google Labs හි දැනට පරීක්ශන මට්ටමේ පවතින විශේෂාංගයක් වන අතර, Gemini 2.5 Pro AI මොඩ්ල් එකෙන් මෙය ක්‍රියාත්මක වෙනවා. පරිශීලකයන්ට text prompt හෝ image prompt එකක් ලබාදීමෙන්, ක්ෂණිකව සංකීර්ණ UI එකක් නිර්මාණය කරගන්න සහ එයට අදාල HTML/CSS කේත ලබාගන්න පුලුවන්.

මෙම මෙවලම, පරිශීලකයන්ට විවිධ theme, වර්ණ සං‍යෝජන, වගේ අපේ අවශ්‍යතා සඳහන් කිරීමට ඉඩ ලබාදෙනවා. එමෙන්ම, විවිධ wireframes, sketches, screenshots භාවිතයෙන් නිර්මාණය තවත් සවිස්තරාත්මක කර ගැනීමටද හැකියාව තිබෙනවා.

Stitch හි විශේෂාංගයක් වන්නේ, එකම UI නිර්මාණය සඳහා විවිධ variants ලබාදීමයි. මෙය පරිශීලකයන්ට විවිධ රූප රටාවන් සහ ආකෘති පරීක්ෂා කිරීමට සහ ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන නිර්මාණය තෝරා ගැනීමට උපකාරී වෙනවා.

නිර්මාණය අවසන් වූ පසු, එය සෘජුවම Figma වෙත export කළ හැකි වෙනවා. එමඟින් තවත් සංස්කරණ කටයුතු තිබෙනවානන් කරගන්න පුලුවන්. එමෙන්ම, frontend code ලෙස export කිරීමෙන්, ක්‍රියාත්මක වන යෙදුමක් සඳහා අවශ්‍ය මූලික කේතය ලබාගන්නත් පුලුවන්.

Stitch, පෙර තිබූ Galileo AI හි වැඩිදියුනු කල සංස්කරණයක් වන අතර, Google DeepMind ආයතනයේ Imagen ආකෘතියද භාවිතා කර තිබෙනවා. මෙම මෙවලම, UI නිර්මාණය සහ සංවර්ධනය අතර සබඳතාවය වඩාත් සරල කරමින්, නිර්මාණකරුවන් සහ සංවර්ධකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...