Home Tech News Midjourney වෙතින් අලුත්ම Video Generating tool එකක්
Tech News

Midjourney වෙතින් අලුත්ම Video Generating tool එකක්

Share
blank
Share

Midjourney කියන නම ඇහෙනකොටම අපිට මතකෙට එන්නෙ AI රූප නිර්මාණය කරන tool එකක්. දැන් ඒ සමාගම AI වීඩියෝ නිර්මාණය කරන ඔවුන්ගේ පලමු AI model එක හදුන්වා දී තිබෙනවා. “Midjourney V1” කියන නමෙන් හඳුන්වා දීපු මේ වීඩියෝ මෙවලමෙන්, පින්තූරයකට ජීවය දීලා ඒක සජීවී වීඩියෝවක් බවට පත් කරගන්න පුළුවන්.

මෙහි වීඩියො එකක් generate කරගන්න ඔබට කරන්න තියෙන්නෙ AI-generated photo එකක් හෝ පරණ photo එකක් select කරලා, ඉන්පසුව Animate කියන button එක ක්ලික් කරන්න පමණයි. Midjourney ඒක auto-animate කරලා තත්පර 4-5ක video clips 4ක් generate කරනවා. ඒ clips එකට link කරලා, තත්පර 20ක වීඩියෝ එකක් හදාගන්නත් පුළුවන්. 

මේකෙ ඔබට prompting system එකක් භාවිත කරලා තමන් කැමති animation style එකක් හෝ දෘශ්‍ය චලනයක් නම් කරල generate කරගන්නත් පුළුවන්. උදාහරණයක් විදියට, “light wind moving tree leaves” වගේ prompt එකක් දුන්නාම, ඒක වගේ animation එකක් AI එක ලබාදෙනවා.

මේ වගේ system එකක් භාවිත කරන්න V1 subscription එකක් අවශ්‍ය වෙනවා, ඒක මාසිකව $10 වගේ. එහෙම වුනත් video generation එක images වලට වඩා GPU power වැඩියෙන් ගන්න නිසා, හැම clip එකකටම credits වැඩියෙන් යනවා. 

V1 launch වුනාට පස්සෙ AI video generation field එකේ තවත් විශාල තරඟයක් ඇරඹිලා තියනවා. Midjourney CEO David Holz කියන ආකාරයට, ඔහුගේ දැක්ම වෙන්නේ, අනාගතයේදී Midjourney මඟින් real-time 3D world simulations හදාගන්න එක. ඒ කියන්නේ, simple animation එකක් නෙවෙයි. ඊට වඩා සංකීර්ණ  අපිටම නිර්මානය කරගෙන බාවිතා කරන්න පුලුවන් simulations.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...