Home Tech News Explained මොනවද මේ පීරමීඩ යෝජනා ක්‍රම කියන්නෙ?
Explained

මොනවද මේ පීරමීඩ යෝජනා ක්‍රම කියන්නෙ?

Share
Share

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දිනවල “අහෝ දුකකි පිරමීඩ උගුලකි” කියල සතියක වැඩසටහනක් පවත්වනවා. ඒ මේ දිනවල පිරමීඩ යෝජනා ක්‍රමවල වර්ධනයක් තියෙන නිසා. ඒ නිසා මේ ආයෝජන ව්‍යුහය සහ ඒක අසාර්ථක සහ නීති විරෝධී වෙන්නෙ කොහොමද කියල බලමු.

පිරමීඩ ආයෝජන ව්‍යුහය

මේක ඔයාලට උදාහරණයකින් මෙහෙම පැහැදිලි කරල දෙන්න පුළුවන්. වෙළෙන්දෙක් $100 කට තියෙන smartphone එකක් විකුණගන්න මේ විදියෙ ක්‍රමයක් හදුන්වල දෙනවා. ඒකෙදි වෙලෙන්දා $20 කට කූපන් හතරක් නිකුත් කරනවා. ඒ වගේම වෙළෙන්දා කොන්දේසියක් ගේනව ඒ කූපන් හතර $20 කට හතර දෙනෙක්ට විකුණලා ලැබෙන මුදල තමන්ට ලැබිය යුතුයි කියල.

ඒ අනුව John කියල පාරිභෝගිකයෙක් $100 smartphone එක ලබා ගැනීමේ අරමුණින් $20 ට කූපන් හතර ලබා ගෙන එම කූපන් තමන්ගෙ යහලුවන්ට විකුණා ලැබෙන මුදල වෙළෙන්දට ලබා දෙනවා. දැන් මේ සරල ගාන හදල බැලුවොත් ඔයාලට පේනව වෙළෙන්දට John ගෙන් $20 ක් හම්බෙනවා සහ John විකුණල දෙන කූපන් හතරෙන් $80 ලැබෙනවා. ඒ අනුව ඒ John ටඒ $100 smartphone එක $20 වගේ පොඩි මුදලකට ලබා ගන්න පුළුවන් වෙනවා. දැං John ගෙන් කුපන් ගත්ත හතර දෙනා තමන්ගෙ කූපන් වෙළෙන්දට කියල වෙන කූපන් පහකට මාරු කර ගන්න ඕන. ඒව විකිණීම හරහා ඔවුන්ටත් $100 යේ smartphone එකක් ලබා ගන්න පුළුවන්. මේක දාමයක් වගේ පල්ලෙහාට යනවා.

මේක නීති විරෝධී වෙන්නෙ කොහොමද?

බැලූ බැල්මට මේකෙ කිසි වැරැද්දක් නෑ කියල තමා පේන්නෙ. මෙහෙම හිතමු වෙළෙන්දෙක් පාරිභෝගිකයින් හය දෙනෙක්ට මෙහෙම කූපන් විකුණනවා කියල. මේ උදාහරණෙට එක පාරිභෝගිකයෙක් කූපන් හයක් විකුණන්න ඕන කියල හිතමු. ඒ අනුව පළවෙනි stage එක තමා වෙළෙන්දගෙන් කූපන් ගත්ත පළවෙනි පාරිභෝගිකයින් හයදෙනා. දෙවෙනි stage එකට අයත් වෙන්නෙ මේ පළවෙනි stage එකේ හිටපු පාරිභෝගිකයින් කූපන් විකුණන පිරිස. ඒ අනුව 6×6=36. දෙවෙනි stage එකට 36 ක් අයිත් වෙනවා. තුන්වෙනි stage එකට 36×6= 216. මේ සරල ගණිත කර්මය ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්.

මේ රූපය අනුව 12 වන stage එකේ ඉන්න 2.2B පිරිස 13 වන stage එකේදී 13.1B වෙනවා. ලෝකෙවත් එච්චර මිනිස් පිරිසක් නෑ. ඒක නිසයි මේ ආයෝජන ක්‍රමය තිරසාර වෙන්නැත්තෙ. හැමතිස්සෙම මේකෙදි පහළ සිට ඉහළට තමා මුදල් ගලා යාම සිද්ධ වෙන්නෙ.

ඒ අනුව ඔයාට තේරෙන්න ඕන මේක ඉහළ සිටින අයට විතරක් ප්‍රථිලාභ ලැබෙන අතරමගකදී විශාල පිරිසකට පාඩු සිදු කරමින් නවතින ව්‍යාජ ආයෝජන ක්‍රමයක් කියල. වර්තමානයේදී මේ විදියට භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණින් නෙවේ මේ පිරමීඩ ක්‍රියාත්මක වෙන්නෙ කෙලින්ම මුදල් ලබා ගැනීමේ අරමුණින්. ඒ වගේම මෙතනදි කැමති ගාණක් අයෝජනය කරන්න පුළුවන් සහ එම මුදල දෙගුණ වෙලා ප්‍රථිලාභ ලැබෙනවා කියල තමා මේකට පිරිස් එකතු කරගන්නෙ. ඒ අනුව වර්තමානයේ ක්‍රියාත්මක වන පිරමීඩවල තමන්ට ලැබෙන ප්‍රතිලාභය තීරණය වෙන්නෙ බදවා ගන්න පිරිස මතයි. ඒ නිසයි මේ දවස්වල ගොඩක් අය මේකට හසු වෙන්නෙ.
ගොඩක් අය මේ වගේ පිරමීඩ යෝජනා ක්‍රම වලට හසු කරගන්නෙ යොදන මුදල් දෙගුණයක් කරගන්න පුළුවන් කියලයි. මේකට යොමු වෙන පිරිසුත් මේ ගැන වැඩි අවබෝධයක් නැති කම නිසා හසු වෙනවා. ආයෝජනයකට යද්දි ඒ පිළිබද දැනුමක් තියෙන කෙනෙක් ගොඩක් පැති වලින් හිතනවා සහ ඒ ගැන හොයනවා. මේ වගේ විනිවිදභාවයක් නැතී ව්‍යාජ ආයෝජන ක්‍රමවලින් අනිත් අයත් පරිස්සම් කරගන්න ගමන් ඔයත් පරිස්සම් වෙන්න.

Share

Leave a comment

Leave a Reply

Related Articles

සිතුවිලි තරංග මගින් පාස්වර්ඩ් යෙදිය හැකි ක්‍රමය

යතුරු පුවරුවකින් ටයිප් කර පාස්වර්ඩ් යොදනවාට වඩා පාස්වර්ඩ් එක සිතෙන් සිතා යෙදිය...

බාල මහලු කාගේත් සිත් සනසන අන්තර්ජාලය

අන්තර්ජාලයට සම්බන්ධ වැඩ කිරීම නිසා ලැබෙන අපූරු හැකියාවන් ගැන පර්යේශකයෝ තොරතුරු එළි...

Windows වලට අළුතින් හදන intel Chips

Ai Applications වැඩි වශයෙන් එක් කර නවීන මෙහෙයුම් පද්ධතියක් සේ Windows 12...

මැරෙන දවස කියන Life2vec වැඩසටහන

යම් කෙනෙක් මරණයට පත්වෙන දිනය පවා කලින්ම කිව හැකි තරමට දියුණු කළ...