Home Tech News GTX 600 / 700 වල Support එක අවසන් වෙයි
Tech News

GTX 600 / 700 වල Support එක අවසන් වෙයි

Share
blank
Share

Graphic Card වලට ඇති අධික ඉල්ලුමට සාපේක්ෂව සැපයීම අඩුවීම හේතුවෙන් ඇතිව තිබෙන තත්වය නිසා බොහෝ දෙනෙක් Used Graphic cards වෙත යොමුවෙනවා. මෙම Used Graphics Cards වලින් වැඩියෙන්ම අලෙවි වන GTX 600 / 700 (සහ ඊට පහල) Graphics Cards සදහා Nvidia සමාගම gaming Drivers නිකුත් කිරීම 2021 අගෝස්තු 31 වෙනිදා නවත්වනව.

Nvidia සමාගම තමන්ගෙ GTX 600 / 700 GPU නිෂ්පාදනය කල Kepler architecture එක නිර්මාණය කරන්නෙ 2012දි. මේ වන විට Kepler Architecture එක නිකුත් කර වසර 10කට ආසන්න වෙනව. එදා සිට මේ දක්වා Nvidia සමාගම තමන්ගෙ GPU තාක්ෂණය ඉතා දියුණු කර නව තාක්ෂණික වෙනස් කම් සහ වැඩිදියුණු කිරීම් සිදුකර තිබෙනව.

Nvidia සමාගම කියන්නෙ තවදුරටත් අවුරුදු 10ක් පැරණි GTX 600 / 700 වැනි Cards වලට නවතම Games සදහා Support එක ලබාදීම හරහා හොද Performance ලබාගැන්මට නොහැකි නිසා අවසන් Game ready Driver එක 2021 අගෝස්තු 31 වෙනිදා නිකුත් කරන බවයි.

මේ විදිහට Game ready Drivers ලබාදීම නතර වුවත් Security Updates දිගටම ලබාදෙන බවත් එය 2024 වසර දක්වාම Supported Device එකක් ලෙස පවතිනු ඇති බවත් මෙම ප්‍රකාශයේ සදහන් වෙනව. මේ නිසා Windows 10 / 11 Desktop භාවිතා කරන අයට මෙම Kepler Based Graphic Cards පාවිච්චි කරන්න පුළුවන් උනත් සමහර Games වලදි අළුත්ම Graphics Divers නැති Errors එන්න පුළුවන්.

Support එක අත්හිටුවන GPU List එක පහතින්ග Nvidia සමාගමේ නිවේදනය – Link

GTX 600GTX 700
Nvidia GeForce GTX 690
Nvidia GeForce GTX 680
Nvidia GeForce GTX 670
Nvidia GeForce GTX 660 Ti
Nvidia GeForce GTX 660
Nvidia GeForce GTX 650 Ti Boost
Nvidia GeForce GTX 650 Ti
Nvidia GeForce GTX 650
Nvidia GeForce GTX 645
Nvidia GeForce GT 640
Nvidia GeForce GT 635
Nvidia GeForce GTX Titan Z
Nvidia GeForce GTX Titan Black
Nvidia GeForce GTX Titan
Nvidia GeForce GTX 780 Ti
Nvidia GeForce GTX 780
Nvidia GeForce GTX 770
Nvidia GeForce GTX 760 Ti
Nvidia GeForce GTX 760
Nvidia GeForce GTX 760 (192-bit)
Nvidia GeForce GTX 760 Ti OEM
Nvidia GeForce GT 740
Nvidia GeForce GT 730
Nvidia GeForce GT 720
Nvidia GeForce GT 710
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

11 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...