Press ESC to close

Watch Dogs 2 Review

ලැබුවාවූ 2022 නව වසර ඔබ සියලු දෙනාට සිතන පතන සියලු දේ ඉටුවන, සැපෙන් බර,දුකෙන් තොර සුභම සුභ නව වසරක් වේවා!

Overview

Get Your Site Up with A2 Hosting

පළමු Watch dogs ක්‍රීඩාවේ සිදුවීම්වලින් වසර 3කට පසු San Francisco හි සිදුවන සිදුවීම් මෙහි අන්තර්ගතය.මෙහිදී ctOS 2.0 එනම් ctOS system එකෙහි next generation version එක ස්ථාපිත කරනලද මුල්ම නගරය බවට San Francisco පත්ව ඇත. DedSec නම් hacker group එකට join වෙමින් එහි උදව්ද ඇතිව නගරයේ ctOS system එක හරහා සිදුවන අපරාධ හා දූෂිත ක්‍රියා වැළැක්වීම, ඒවා නගරයේ ජනතාවට අනාවරණය කිරීම මෙන්ම ctOS system එකෙහි developer වන “Blume” සමාගම පහත හෙළීම තරුණ hacker කෙනෙකු වන අපගේ චරිතය Marcus Holloway ගේ අරමුණුයි.

Plot

තරුණ hacker කෙනෙකු වන Marcus ට ctOS 2.0 හරහා ඔහු නොකළ වරදකට දඬුවම් ලැබේ.ඉන්පසු ඔහු Sitara,Josh,Horatio හා “Wrench” ගෙන් සමන්විත hacker group එකක් වන DedSec හා එකතු වී Blume හි data center එකක් hack කර එම system එකෙහි තිබෙන ඔහුගේ profile තොරතුරු සියල්ල මකාදමයි.මෙම hack කිරීමෙන් පසු Marcus ඇතුළු DedSec කණ්ඩායමට තේරුම්යන්නේ ctOS 2.0 යනු San Francisco හි ජනතාවට තර්ජනයක් බවයි.ඉන්පසු ඔවුන් ජනතාවට මෙම ctOS 2.0 system එකෙහි දූෂිතභාවය ඔප්පුකිරීම සඳහාත් එම දූෂිත ක්‍රියා ජනතාවට අනාවරණය කිරීම සඳහාත් social media campaign එකක් ආරම්භ කරයි. Social media campaign එක හරහා ctOS 2.0 හි දූෂිතභාවය අනාවරණය කර ජනතාවගේ හිත් දිනාගෙන එමගින් DedSec හි followers ලා ප්‍රමාණය වැඩිකර Blume සමාගම පහත හෙලීමේ අරමුණින් ඔවුන් මෙය සිදුකරයි.

සාර්ථක අනාවරණ කිහිපයකින් පසු Josh විසින් ඔවුන්ගේ followers සංඛ්‍යාවේ අක්‍රමිකතාවක් සොයාගනු ලබයි. Marcus මේ පිළිබඳව විමර්ශනය කරනවිට ඔහුට තේරුම්යන්නේ Blume හි CTO (Chief Technological Officer), Dusan Nemec විසින් hacking වලට බියක් දක්වන ජනතාවට ctOS 2.0 ලබාගැනීමට පෙලඹවීමක් ලෙස DedSec භාවිතකර ctOS 2.0 promote කරගෙන ඇති බවයි. DedSec hacking group එක ලැබූ මෙම පරාජයත් සමග ඔවුන් තාවකාලිකව පසුබැසීමට තීරණය කරයි. ඔවුන් නගරයෙන් තාවකාලිකව පිටවන අතර San Francisco නගරයෙන් පිට කාන්තාරයක තිබූ hacking event එකකට සහභාගී වේ.විනෝද වන අතරතුර Marcus ඇතුළු DedSec group එකට පුරාවෘත්තයක් බඳු hacker කෙනෙකු වූ “T-Bone” එසේත් නැතිනම් Raymond Kenney ව මුණගැසෙයි. Raymond ඔවුන්ගේ “Taking down Blume plan” එකට කැමැත්ත ප්‍රකාශකරන අතර ඔවුන්ට උදව්කිරීමට DedSec group එක හා එක්වෙයි.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Marcus ඇතුළු DedSec කණ්ඩායමට ctOS 2.0 හරහා සිදුවන දූෂිත ක්‍රියාවලට තිත තබා Blume සමාගම පහත හෙලීමට හැකිවේවිද? Blume හි CTO, Dusan Nemec ව නීතියේ රැහැනට කොටුකිරීමට ඔවුන්ට හැකිවේවිද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරයි.

Gameplay

  • පළමු ක්‍රීඩාවේ main protagonist වූ Aiden Pearce සතුව තිබූ skills සහ abilities මෙන්ම ඊට අමතරව නව skills හා abilities රාශියක් Watch Dogs 2 හි main protagonist වන Marcus සතුය.එම skills හා abilities අතර driving කරන අතරතුර වෙඩිතැබීම,වැඩිදියුණු වූ acrobatic සහ parkour skills, taser gun එකක් මගින් enemies ලා තාවකාලිකව paralyze කිරීමේ හැකියාව, hack කිරීම මගින් වාහනයක් යන දිශාව වෙනස්කිරීම, quadcopter හා jumper වැනි gadgets භාවිතය හා විවිධ outfits භාවිතකිරීමට ඇති හැකියාව ප්‍රධාන වේ.
  • පළමු ක්‍රීඩාවේ map එක වන Chicago map එකට වඩා දෙගුණයකටත් වඩා විශාල map එකක් වන Watch Dogs 2 හි San Francisco Bay area map එක main missions වලින්ද ඊට අමතරව තිබෙන operations නමින් හඳුන්වන side missions වලින්ද සමන්විතය.මෙම missions complete කිරීම මගින් Marcus ගේ followers ප්‍රමාණය වැඩිකරගත හැකිය. Interesting places රාශියකින් සමන්විත San Francisco හි free roam කිරීමටත්, missions සඳහා යෑමටත් අපට cars, bikes, quad bikes, buses, boats වැනි විවිධ වාහන භාවිතකළ හැකිය. මෙම වාහන hijack කිරීමද සිදුකළ හැක.එසේම vehicle stores වලින් වාහන purchase කළ හැකි අතර Marcus ගේ smartphone එක භාවිතයෙන් අපට අවශ්‍ය ස්ථානයකට අප purchase කරනලද වාහනයක් instant deliver කරගත හැකිය.
  • විවිධ weapons ක්‍රීඩාවේදී භාවිතකළ හැකි අතර මේවා DedSec HQ එකෙහි ඇති 3D printer එක මගින් නිර්මාණය කළ හැකිය.එසේම shockers හා IED වැනි throwables ද භාවිතකළ හැකිය.එසේම Marcus සතුව ඇති melee weapon එක silent takedowns කිරීම සඳහා වැදගත්ය.
  • 3D printer එක මගින් quadcopter එක නිර්මාණය කළ හැකි අතර එමගින් scout කිරීම, ඉහළ ස්ථානවල ඇති system bypass සිදුකිරීම, shockers හා IED වැනි දේ enemies ලා වෙත release කිරීම, remote hacking සිදුකිරීම ආදී විවිධ ප්‍රයෝජන අපට ලබාගත හැක.
  • Jumper යනු 3D printer එක මගින් නිර්මාණය කළ හැකි තවත් වැදගත් උපකරණයකි. මෙමගින් Marcus ට යෑමට නොහැකි ස්ථානවල තිබෙන systems hack කිරීම, scout කිරීම, items pick up කිරීම, remote hacking සිදුකිරීම ආදී දේ කළහැකිය.
  • Marcus යෑමට නොහැකි ඉහළ ස්ථානවලට යෑමට අසල ඇති විශාල දොඹකර ආදිය hack කිරීම මගින් කළහැකිය. පළමු ක්‍රීඩාවේ Aiden ට වගේම Marcus ටත් ඔහුගේ hacking skills භාවිතකර විවිධ amazing things කළ හැකිය.එසේම ඒවා ඔහුගේ වාසියට හරවාගත හැකිය. NPCs(Non-Playable Characters) ලාගේ phones hack කිරීම,එම phones මගින් ඔවුන්ගේ අවධානය වෙන අතකට යොමුකිරීම,අපගේ target එකක් පොලීසියේ most wanted list එකට ඇතුළත් කිරීම,අපගේ target එකක් වෙනත් gang එකක target එකක් බවට පත්කිරීම, traffic lights/cctv cameras/electrical devices පාලනය කිරීම,අපගේ surrounding එකේ තිබෙන electrical devices ආදිය hack කිරීම මගින් ඒවා enemies ලාට එරෙහිව භාවිතකිරීම මෙන්ම massive communication disruption හා  enemies හෝ පොලීසියෙන් පලායාම සඳහා blackouts වැනි mass hackings ද ඔහුට සිදුකළ හැකිය. Missions සිදුකිරීමේදී මෙම skills භාවිතයෙන් stealth approach එකක් ගැනීම හෝ all-out assault එකක් තෝරාගැනීම ක්‍රීඩකයා වන ඔබගේ කැමැත්තයි.

System Requirements

SystemMinimumRecommended
CPUIntel Core i5 2400s @ 2.5 GHz, AMD FX 6120 @ 3.5 GHz or betterIntel Core i5 3470 @ 3.2 GHz, AMD FX 8120 @ 3.9 GHz
GPUNVIDIA GeForce GTX 660 with 2 GB VRAM or AMD Radeon HD 7870, with 2 GB VRAM or betterNVIDIA GeForce GTX 780 | AMD Radeon R9 290, with 3GB VRAM or better
VRAM2GB3GB
RAM6 GB8 GB
Storage50 GB50 GB
OSWindows 7 SP1, Windows 8.1, Windows 10 (64bit versions only)Windows 7 SP1, Windows 8.1, Windows 10 (64bit versions only)

2016 වර්ෂයේ නිකුත් වූ මෙය open world 3rd-person action-adventure ගණයේ පරිගණක ක්‍රීඩාවකි. Hacking යනු සමාජයේ බොහොමයක් දෙනා අනුමත නොකරන ක්ෂේත්‍රයක් වුවද අසාධාරණයට විරුද්ධව යුක්තිය සඳහා hacking භාවිත කළහැකි ආකාරය නිරූපණය කරන සුපිරි පරිගණක ක්‍රීඩාවක් ලෙස Watch Dogs 2 හැඳින්විය හැකිය.

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Comments (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *