Home Tech News Explained දැන් පාසල් වල සිදුකෙරෙන ඔන්ලයින් ටියුටරිං
ExplainedTech News

දැන් පාසල් වල සිදුකෙරෙන ඔන්ලයින් ටියුටරිං

Share
blank
Share

ජීවමාන ගුරුවරු ඇසුරෙහි විෂයයන් ඉගෙන ගන්නවාට අමතර වශයෙන් ඈත රටක සිටින ගුරුවරයෙක් සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවී විෂයය ඉගෙන ගැනීමේ ක්‍රමය දැන් ප්‍රකටව තිබෙනව. ඔන්ලයින් ටියුටරිං ලෙස හඳුන්වන මෙම සාමාන්‍ය ක්‍රමය වඩාත් දියුණු ආකාරයකට යොදා ගනිමින් බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසැල්වල සිසුන්ට ගණිතය සහ විද්‍යාව ඉගැන්වීම දැන් කෙරෙනව.

මේ පිළිබඳව විශේෂ වාර්තාවක් පළ කළ ලන්ඩනයේ ද ගාඩියන් පුවත්පත පෙන්වාදී තිබුණේ, කෘත්‍රිම බුද්ධි (AI – Artificial Intelligence) අතත්‍ය යථාර්ථ (AR – Augmented Reality) යෙදුම් භාවිතා කරමින් ලන්ඩනයේ පේක්මත් නම් ප්‍රාථමික පාසැලේ (pakemanprimary.co.uk) දරුවන්ට ගණිතය සහ විද්‍යාව සාර්ථකව උගන්වන බවයි. ඉන්දියාවේද, ලංකාවේද, සිටින උපදේශකවරුන් හා දිනපතාම වාගේ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන ලන්ඩනයේ වෙසෙන සිසුහු, සිය වැඩ පැවරුම් කටයුතු සම්පූර්ණ කරනව.

මෙම ඔන්ලයින් සේවාව තර්ඩ් ස්පේස් ලර්නිං (thirdspacelearning.com) නම් සමාගමෙන් සපයන්නක්. ඉගැන්වීමේ තාක්ෂණය දියුණු කරනු වස් පර්යේෂණ මෙහෙයවී මෙම සමාගමේ විශේෂත්වයයි.

මේ යටතේ, ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ පර්යේෂකයින් සමඟ එක්ව දරුවන්ට උපදේශකත්වය සැපයීම පිණිස කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් සැකසීමට මෙම සමාගම වැඩ කරමින් සිටිනව. පැය ලක්ෂයක් පුරා දිවෙන හඬ සහ ලේඛන සහිත උපදේශක දත්ත, මෙම සමාගමෙන් රැස් කොට පර්යේෂකයින් අත පත් කොට තිබෙන්නේ, එහි නියමිත රටාවක් වෙතොත් හඳුනා ගනු පිණිසයි. එසේ හඳුනාගත් ළමා චර්යා රටා යොදා ගෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් සැකසීම අපේක්ෂාවයි.

මෙම අපේක්ෂාව මුදුන් පමුණුවා ගත හැකි බවට ඇති විශ්වාසය වැඩි කරන දේ දැනටමත් සොයා ගෙන ඇති බව තර්ඩ් ස්පේප්ස් ලර්නිං සමාගමේ ප්‍රධානි, ටොම් කූපර් පවසනව. යම් උපදේශකයෙක් වේගයෙන් කතා කරන විට දරුවන් ඔහු සමඟ ගත කරන කාලය අඩු වෙයි. දරුවන්ට සිතා බලා පිළිතුරු දෙන්නට කාලය ලබාදී, ඔවුන් වෙනුවෙන් රැඳී සිටින උපදේශකයින්ට ළමයි කැමතිය. මෙම තොරතුරු දත්තයක්සේ යොදා ගෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහනේ විධාන කොටසක් හෙවත් ඇල්ගොරිදමයක් සකසා ගන්නට පුළුවන්. මෙවැනි ඇල්ගොරිදම ගණනාවක් එක් කොට කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහනක් සකසන්නට පුළුවන්. එවිට මිනිස් උපදේශකයෙක් වෙනුවට මෙම පරිගණක වැඩසටහනට හෙවත් රොබෝ වැඩසටහනට සිසුන් සමඟ වැඩ කරමින් ඔවුනට උදව් කරන්නට පුළුවන්.

ජීවමාන ගුරුවරු වෙනුවට කෘත්‍රිම බුද්ධි වැඩ සටහන් යොදා ගැනීමට පුළුවන් වීම විප්ලවීය කටයුත්තක්. මන්ද එවිට විවිධ විෂයයන්ට එවැනි වැඩසටහන් ගණනාවක් සැකසිය හැකි හෙයිනි. දරුවන්ට තමන් කැමති තමන්ට ගැළපෙන වැඩ සටහන් හා එක් වෙමින් අධ්‍යාපන කටයුතු කළ හැකි බැවිනි.

ඔන්ලයින් ක්‍රමයට උපදේශකත්වය දෙන විශ්වාසනීය සහ දක්ෂ පිරිස් සොයා ගැනීම අද උගහටය. තර්ඩ් ස්පේස් ලර්නිං ආයතනය සමඟ වැඩ කරන උපදේශයින් 300 පමණ ලොව පුරා වෙසෙනව. උපාධිධරයින්වීම නිසා පමණක්ම මෙම සමාගමේ උපදේශකයෙක් සේ වැඩ කළ හැක. සමාගම විසින් කිරා මැන බලන යහගුණ ගණනාවක් සම්පූර්ණ කළ යුතුය. එනිසා මෙය විරල පත්වීමක්. එබැවින් පත්වීම් ලද අය ඉතා කාර්ය බහුලයි. ඉන් මිදෙන්නට කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිතා කිරීම ගැන උපදේශකයෝ පවා සතුටට පත්ව සිටිතැයි ගාඩියන් පුවත්පත වාර්තා කොට තිබුණේ, ඒ අයගේ ප්‍රකාශද උපුටා දක්වමින්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...