Home Tech News Explained සිතුවිලි තරංග මගින් පාස්වර්ඩ් යෙදිය හැකි ක්‍රමය
ExplainedTech News

සිතුවිලි තරංග මගින් පාස්වර්ඩ් යෙදිය හැකි ක්‍රමය

Share
blank
Share

යතුරු පුවරුවකින් ටයිප් කර පාස්වර්ඩ් යොදනවාට වඩා පාස්වර්ඩ් එක සිතෙන් සිතා යෙදිය හැකි අලුත් ක්‍රමයක් සොයා ගෙන තිබෙනව. මෙහිදී පාස්වර්ඩ් වශයෙන් යොදන්නේ ඉලක්කම් අකුරු මිශ්‍රිත වචනය නොව සිතිවිලි තරංගයක්. ඇඟිලි සලකුණ, ඩීඑන්ඒ රටාව, ඇසේ කළු ඉංගිරියාවේ ස්වභාවය යනාදිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නාක් සේම සිතුවිලි තරංගද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. එනිසා මෙම සිතුවිලි තරංග, පාස්වර්ඩ් එකක් සේ යොදා ගන්නට පුළුවන්.

ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජොන් චුඇං ඇතුළු පර්යේෂක පිරිස විසින් මෙම ක්‍රමය දියුණු කරමින් සිටිනව. මේ පර්යේෂණය සඳහා යොදා ගනු ලබන්නේ නිව්රොස්කයි (NuroSky) සමාගමෙන් නිපදවන හිසේ පළඳින EEG උපාංගයක්. යමෙක් කල්පනා කරන විට මොළයේ උපදින විද්‍යුත් තරංග රටාව (EEG- electroence phalogram) උකහා ගන්නට මෙම උපකරණය සමත් වෙනව.

මෙම නිව්රෝස්කයි හිස් පළඳනාවේ බ්ලූටූත් උපාංගයක්ද තිබෙනව. හිස් පළඳනාව පැළැඳ, කල්පනා කරන විට උපදින තරංග රටාව, (brainwave) ළඟපාත ඇති පරිගණකයක් වෙත සම්ප්‍රේෂණය කරන්නට බ්ලූටූත් උපාංගයට පුළුවන්. පර්යේෂකයින් විසින් සකස් කරන ලද විශේෂ පරිගණක වැඩසටහනක් මෙම පරිගණකයේ ක්‍රියාත්මක වෙනව. මොළයෙන් එන තරංග විශේලේෂණය කර, එහි රටා හඳුනා ගන්නේ මෙම පරිගණක වැඩසටහනෙනි.

පර්යේෂණය සඳහා කැමති කරවාගත් අයට මුලින්ම හිස් පළඳනාව පලදවා තිබෙනව. ඉන් පසුව හුස්ම ඉහළ පහළ ගනිමින් ඒ ගැන සිතන්නට කියා ඔවුන්ට කීවා. ඉන්පසු එහි තරංග රටාව විමසා තිබෙනව. ඊළගට ඡායාරූපයක් පෙන්වා එහි ස්ථාන ගැන සිතමින් යමක් පෙන්වන්නට කීවා. එහි තරංග රටාවද විමසා තිබෙනව. දැන් රහසින් යමක් සිතන්නට කීවේය. එවිට උපදින තරංග රටාවද විමසා බැලීය. මේ සියල්ල එකිනෙකට වෙනස් බව පෙනී තිබෙනව. විශේෂයෙන්ම අවධානය යොමු කළේ රහසින් සිතූ වචනය ගැනයි. ඒ වචනයම අන් අයටත් සිතන්නට කීවේය. එහෙත් එවිට උපදින තරංග රටාවද එකිනෙකට වෙනස් වුණි.

මින් පෙනී ගියේ කුමක්ද? එකිනෙකාගේ මොලයෙන් උපදින තරංග රටාව එකිනෙකට වෙනස් බවයි. එසේම එකම වචනය වුවත්, දෙදෙනෙක් සිතන විට මොළයෙන් උපදින තරංග රටාව එකිනෙකට වෙනස් බවය. එනිසා මේ තරංග රටාව මුරපදයක් හෙවත් පාස්වර්ඩ් එකක්සේ යොදා ගන්නට පුළුවන්.

මෙම පර්යේෂණය මුලින්ම කරනු ලැබූයේ එහි සාර්ථකත්වය පෙන්වන්නට පමණක් සැලසුම් කළ දළ උපකරණ යොදා ගෙනයි. එහෙත් මේ සඳහා යොදා ගන්නා හිස් පළඳනාව, බ්ලූටූත් සබඳතාව මෙන්ම මෘදුකාංග මහජනයාට පහසු වෙන සේ දැන් දියුණු කරමින් සිටිනව.

ස්මාට් ෆෝන් එකක් හෝ ටැබ්ලට් පරිගණකයකට හෝ මෙම පාස්වර්ඩ් ක්‍රමය යෙදුවොත් එය මහ මඟදී කරන්නට අපහසු වෙන්නේ මොළයේ තරංග උකහා ගන්නා හිස් පළඳනාව විශාල නිසාය. එය කුඩා කිරීමේ තාක්ෂණයක් අවශ්‍යය. දැන් යෝජනා කර තිබෙන්නේ කොණ්ඩා කටු මෙන් හිසේ තැන – තැන පළඳින සංවේදක (sensors) පද්ධතියක් සකසන්නටයි. එවිට එය නිතරම හිසේ පළඳාගෙන සිටියත් නරකට පෙනෙන්නේ නැහැ.

මේ සියල්ල බ්ලූටූත් උපකරණයට සම්බන්ධ කළ විට වුවත් එය දැන් තිබෙන සාමාන්‍ය බ්ලූටූත් උපාංගයට වඩා ප්‍රමාණයෙන් විශාල නොවිය යුතුයි. එය කළ හැක්කේ බ්ලූටූත් උපාංගයේ හාඩ්වෙයා කොටස් තවත් කුඩා කරමිනි. අවසාන වශයෙන් සැකසිය යුත්තේ මෘදුකාංග සැකැස්මයි. මොබයිල් මෙහෙයුම් පද්ධති මෙන්ම ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධති වලට පොදුවේ ගැළපෙන සේ මේ පරිගණක වැඩසටහන ලිවිය යුතුයි.

මේ වැඩ සියල්ල කළ හැකි තාක්ෂණික දැනුම අද සුලභ බව පර්යේෂකයෝ පෙන්වා දෙනව. එනිසා සිතිවිලි තරංග යොදා ගෙන අඟුළු දැමිය හැකි පරිගණක උපාංග ඉදිරි කාලයේදී වෙළෙඳපොළට එනු ඇතැයි බලාපොරොත්තු තබා ගත්තාට වරදක් නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...