Home Tech News Explained සෞඛ්‍යයට අහිතර අධික Smartphone බාවිතය
ExplainedPhonesTech News

සෞඛ්‍යයට අහිතර අධික Smartphone බාවිතය

Share
blank
Share

ස්මාට්ෆෝන් භාවිතා කරන්නන් තමන්ට නොදැනීම වුවත් ලොකු සෞඛ්‍ය හානි කරගන්නව. ඕනෑවට වඩා වැඩි කාලයක් ස්මාට්ෆෝන් භාවිතා කිරීම නිසා මේ තත්වය උදා වෙන බව විද්‍යාත්මක පර්යේෂණ ගණනාවකින්ම පෙන්වා දී තිබෙනව.

ස්මාට්ෆෝන් භාවිතා කිරීම නිසා බොහෝ දෙනාට ඇති වෙන අපහසුව වෙන්නේ බෙල්ලේ සහ කොන්දේ අමාරුවයි. ඊට හේතුව ස්මාට්ෆෝන් ස්ක්‍රීනයටම අවධානය යොමු කර ගෙන වැඩ කරනවා මිස, සුව පහසු සහ සුදුසු ඉරියව්වකින් නොසිටීමයි. වාඩි වී සිටිමත්, බෙල්ල නුහුරට හරවා ගෙන ස්මාට්ෆෝන් ස්ක්‍රීනය දෙස බලා සිටීමත්, කොන්දේ අමාරුව සහ බෙල්ලේ අමාරුව සාදනව. එසේම ස්වල්ප වශයෙන් තිබෙන එවැනි දුබලතා වෙතොත් ඒවා උග්‍ර අතට හැරෙනව.

බ්‍රිතාන්‍යයේ වරලත් භෞත චිකිත්සක සංගමය (Chartered Society of Physiotherapy) මේ පිළිබඳව පැවැත් වූ පර්යේෂණය පුරෝගාමී එකක්. එම සංගමයේ ප්‍රකාශිකාව වෙන වෛද්‍ය හෙලේනා ජොන්සන් පවසා තිබුණේ, අලුත් පරම්පරාවේ බොහෝ දෙනා ස්මාට්ෆෝනයටම වහල්වී සිටීම නිසා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා ගත යුතු තරමට ආබාධිත වෙන බවයි.

දැන් නොයෙක් ප්‍රමාණයේ ස්මාට්ෆෝන් තිබෙනවාක් සේම එහි Apps ගණන වැඩි කොට, විවිධ ක්‍රියාකාරිත්ව එක් කිරීමේ නැඹුරුවද වැඩි වෙමින් තිබෙනව. මෙම Apps වලින් වැඩ ගන්නට බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ එක් එක් තැනැත්තාට පහසු ක්‍රම වලටයි. විවිධ අය ඒවා ටයිප් කරන්නේ විවිධ ක්‍රම සහ රටාවලට අනුව නිසා නිතරම වාගේ එකම තාලයකට අනුව ඇගිලි ක්‍රියාත්මක කරවන්නට සිදුවෙනව. එය ස්වභාවිකව ඇඟිලි ක්‍රියාකාරිත්ව රිද්මයට එරෙහිය. RSI – Repetitive Strain Injury කරන්නට මේ කෘත්‍රිම රිද්මය හේතු කාරක වෙනව.

ස්මාට්ෆෝන් වලින් නික්මෙන ශබ්දයත් අවධානම් සහගතයි. විවිධ සංඥා හඬ වර්ග මෙන්ම තියුණු ශබ්දය දෙන නාදද අද ස්මාට්ෆෝන් වල ඕනෑ තරම්ය. මෙය කනට හොඳ නැත. එය මානසික ආතතියට මුල පුරනව. ලොව විශාලතම වෛද්‍ය විද්‍යාත්මක පුස්තකාල ආයතනය වෙන ඇමෙරිකාවේ ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මේ පිළිබඳව පර්යේෂණ ගණනාවක් මෙහෙයවා තිබෙනව. ස්මාට් ෆෝන් පාවිච්චි කරන්නන්ට මානසික ආතතිය, නින්ද නොයාම සහ ඊට සම්බන්ධ වෙනත් රෝගා බාධ වැලදීමේ හැකියාව වැඩිය යනු එම පර්යේෂණවල අවසන් නිගමනයයි.

ස්මාට්ෆෝන් ක්‍රියාත්මක වෙන විට නික්මෙන විද්යුත් චුම්බක තරංග මෙම නරක තත්වය තවත් උග්‍ර කරනව. කනට තබා ගෙන කතා කරන විට මොළය සිසාරා යන විද්යුත් චුම්බක තරංග කදම්බය, පිළිකා ඇති කරන්නේ ද යන්න විවාදාපන්න කාරණයක්. එහෙත් එමඟින් හිසරදයේ සිට විෂාදය (depression) දක්වා වෙන සෞඛ්‍ය ආබාධ ගණනාවක් ඇති කරන බව හෙළි වී තිබෙනව.

ළමයි විසින් ස්මාට්ෆෝන් භාවිතා කරනු ලැබීම ලොකු අර්බුදයක් තනනව. කෙළි සෙල්ලම් වයසේ සිටින දරුවන්ට පවා ස්මාට් ෆෝන් ලබා දෙන වැඩිහිටියන් ඒ දරුවන්ට වැළදෙන සෞඛ්‍ය ආබාධ වලට වගකිව යුතුය යන්න දැන් ලෝකයා පිළි ගන්නව. මන්ද, මේ කියන සෞඛ්‍ය හානි දරුවන් තුළ මතුවුවහොත් එය වැඩි හිටියන් තුළ මතු වෙනවාට වඩා හානි කර වෙන බැවින්. අධ්‍යාපනයට, සිරුරේ නිරෝගී වැඩීමට තිබෙන අවකාශ මේ රෝගාබාධ නිසා ඇහිරියාම ඔවුන්ගේ අනාගතය අඳුරු කොට දමනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...