Home Tech News social media දැන් Content creatorsලට මුදල් ගෙවන Twitter සමාගම
social mediaTech News

දැන් Content creatorsලට මුදල් ගෙවන Twitter සමාගම

Share
blank
Share

Twitter සමාගමට තර්ජනයක් වන ප්‍රබල තරගකරුවෙක් මේ වනවිට කරලියට පැමින සිටිනව. ඒ මෙටා සමාගම විසින් නිකුත් කල Threads ඇප් එක. Threads ඇප් එක සදහා සීඝ්‍රයෙන් පරිශීලකයන් එකතු වෙද්දි Twitter සමාගමට ඔවුන්ගේ පරිශීලකයන් රදවා ගැනීම සදහා Twitter සමාගම මින් පෙර සදහන් කල ආකාරයටම ad-revenue sharing program එක දැන් නිළ වශයෙන් නිකුත් කර තිබෙනව.

Twitter Revenue Payout Program එක සදහා වලංගු වීමට පහත සුදුසුකම් සැපිරිය යුතු වෙනව.

  • Twitter Blue subscription එක ලබාගෙන තිබීම
  • මාස 3ක් තුල Post Impressions මිලියන 5ක් ලබා තිබීම

මෙම සුදුසුකම් සපුරා ඇති පරිශීලකයන් මෙම වැඩසටහනට ඇතුලත් වන අතර ඔවුන්ට මුදල් ගෙවීම සිදුවෙනව.

මෙම වැඩසටහනෙන් මුදල් ලැබෙන්න නියමිත පරිශීලකයන් විසින් පවසා තිබුනේ ඔවුන්ට notifications මගින් ඔවුන්ගේ incoming deposits ගැන දන්වා එවා තිබෙන බවයි. එක් පරිශීලකයෙකු පවසා තිබුනේ ඔහුට $24,000ක මුදලක් ලැබෙන්න නියමිත බවයි.

මෙහිදී සිදුවන්නෙ අදාල Twitter Accounts වල ඇති User Replies අතර Ads පෙන්වීම නිසා Twitter සමාගමට ලැබෙන මුදලින් කොටසක් එය ශෙයා කල පරිශීලකයන්ටත් ලැබීමයි. තමන්ගේ Tweet සදහා User Engagement එක වැඩි වන තරමට Payout එකත් වැඩි වෙනව.

මෙවැනි වැඩසටහන් දියත් කිරීම මගින් Twitter සමාගම බලාපොරොත්තු වන්නෙ content creatorsල සදහා  වඩාත් ආකර්ෂණීය platform එකක් නිර්මානය කිරීමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...