Home Tech News OS Windows 11 වල Built in එන RAR file Support එක
OSsoftwareTech News

Windows 11 වල Built in එන RAR file Support එක

Share
blank
Share

Microsoft සමාගම නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ වින්ඩෝස් 11 RAR ෆයිල් සදහා සහය දක්වන ලෙස නිකුත් කරන බවයි. මෙය වින්ඩෝස් පරිශීලකයන් දිගු කාලයක ඉදන් බලන් සිටි විශේෂාංගයක්. සමාගම පවසන ආකාරයට මෙ‍ය tar, 7-zip, rar, gz ඇතුලු තවත් ෆයිල් වර්ග ගණනාවක් සදහා සහය දක්වනව. මෙමගින් දැන් වින්ඩෝස් පරිශීලකයන්ට compress ෆයිල් වලින් වැඩිදියුනු කල performance ලබාගත හැක.

කෙසේනමුත් මෙම RAR support එක වින්ඩෝස් 11 සමග කුමන දිනක නිකුත් කරයිදයන්න පිලිබදව තවමත් නිශ්චිත තොරතුරක් නැහැ. නමුත් මෙය ඉදිරියෙදි නිකුත් වෙන වින්ඩෝස් 11 අප්ඩේට් එකත් සමග පැමිනේවියැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. දැනට Windows 11 සහ 10 වලදි File Zip කිරීමට තිබෙන option එක වගේම RAR පහසුකමත් එක්වනු ඇති.

මෙම නව RAR support පහසුකම ලබාදීම ඉතාමත් හොද දෙයක්. මෙතෙක් කල් වින්ඩෝස් පරිශීලකයන් RAR ඇතුලු compress ෆයිල් සදහා බාවිතා කලේ තුන්වැනි පාර්ශවීය ඇප් පමනයි. නමුත් මෙම අප්ඩේට් එක මගින් tar, 7-zip, rar, gz ඇතුලු අනෙක් compress ෆයිල් වර්ග සියල්ලක්ම සමග පහසුවෙන් වැඩකරගත හැකි වෙනව.

මේ සමගම මින් පෙර වෙනම App එකක් ලෙස ලබාගත් Winzip Software එකට අත්වූ ඉරණම winRAR වලටත් ඇතිවිය හැකිබවට සැක කල හැකියි. නමුත් Windows 11 තුලදී WinRAR වල මෙන් Options ලැබේදැයි අනුමාන කල නොහැකි වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...