Home Games Tom Clancy’s The Division පරිගණක ක්‍රීඩාව
Games

Tom Clancy’s The Division පරිගණක ක්‍රීඩාව

Share
blank
Share

ද ඩිවිෂන් යනු ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට මුදා හරින ලද වෛරසයක් නිසා සිදුවන විනාශය සහ ඇති වූ තත්වය සමනය කරන්නට වෙහෙසෙන ඇමරිකානු රජයට අයත් රහස් සංවිධානයක් ගැන කතාවක් පාදක කර ගෙන තැනූ පරිගණක ක්‍රීඩාවකි. මෙය තර්ඩ් පර්සන් ෂූටර් වර්ගයේ එකක්.

එක්තරා නත්තල් උත්සව සමයක මෙම වෛරසය මුදා හරියි. එය මුදල් නෝට්ටු ඔස්සේ ව්‍යාප්ත වෙනව. උත්සව සමයේ මුදල් හුවමාරුව වැඩියෙන් වන නිසා මේ කාලය තෝරා ගෙන ඇත. ත්‍රස්තවාදීන් සැලසුම් කර පතුරුවන මෙම වෛරසය මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන්නකි. ඉන් රෝගී වන ජනතාව මිය යාමට පටන් ගන්නව. මොහොතින් මොහොත නගරයේ ජන ජීවිතය අඩාළ වෙමින් ඉතා භයානක තත්වයක් නිර්මාණය වෙමින් තිබෙනව.

හදිසි තත්වය ප්‍රකාශයට පත් කරන ඇමරිකානු ජනාධිපතිවරයා, නගරය පත්ව ඇති තත්වයට මුහුන දීමට සහ වෛරසය පැතිර යාන වැළැක්වීම පිනිස ද ඩිවිෂන් නම් සංවිධානය සක්‍රිය සේවයට කැඳවයි. ද ඩිවිෂන් යනු ඇමෙරිකානු රජය යටතේ ක්‍රියාත්මක වන රහස් සංවිධානයක්. මෙය පිහිටුවා ඇත්තෙ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වන අවස්තාවලදී රහසේ ක්‍රියාත්මක වී රටේත් ජනතාවගේත් ආරක්ෂාව තහවුරු කිරීම පිණිසයි.

මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩාකයා ක්‍රියාත්මක විය යුත්තේ, ද ඩිවිෂන් සංවිධානයේ නියෝජිතයෙකු ලෙසයි. මෙහිදී ප්‍රධාන අංශ තුනක් යටතේ මෙහෙයුම් කිරීමට සිදු වෙනව. එනම් සෞඛ්‍ය, ආරක්ෂාව සහ තාක්ෂණික යන අංශයි. පරිගණක ක්‍රීඩකයා මෙම එක් එක් මෙහෙයුම් යටතේ අංශ සියල්ල ආවරණය කරමින් නිව්යෝර්ක් නගරය ආරක්ෂා කිරීමේ සහ යථා තත්වයට පත් කිරීමේ කාර්යයේ යෙදිය යුතුය. එක් අංශවල මෙහෙයුම් පරිගණක ක්‍රීඩාව විසින් ඉදිරිපත් කරනව. මෙහෙයුමක් කිරීමට අණ ලැබුණු විට ඊට අවශ්‍ය තොරතුරු ක්‍රිඩාව විසින් ලබාදෙනව.

මෙහිදී එක් එක් මෙහෙයුම්වලදී එම අංශයට සම්බන්ධ විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමටද සිදුවෙනව. ඉන්පසු එම මෙහෙයුමට තමන්ට අවශ්‍ය ආයුධ සහ උපකරණ තෝරා ලබා ගත යුතු ය. ඊට අමතරව අවශ්‍ය සිතියම් යනාදී වෙනත් තොරතුරුද ලබා ගෙන තමන්ට ලැබුණු මෙහෙයුමේ යෙදිය යුතුයි.

මෙම මෙහෙයුම් සියල්ල ඉක්මනින් සහ බුද්ධිමත් කළ යුතුයි. මිනිස් ජීවිත බේරා ගනිමින් නගරය යථා තත්වයට පත් කිරීමටත් ඊට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් සහ ඒ අයට සහය දෙන පුද්ගලයින් සොයා විනාශ කළ යුතුයි. එසේම නගරයේ සම්පූර්ණ වගකීමද ඩිවිෂන් සංවිධානයේ නියෝජිතයෙකු ලෙස ක්‍රීඩා කරන පරිගණක ක්‍රීඩකයාට පැවරී ඇති නිසා සෑම අවස්ථාවකදීම තමන් ආරක්ෂා විය යුතුය.

මෙම පරිගණක ක්‍රීඩාවේ ග්‍රැෆික් නිර්මාණ ඉතා උසස් අන්දමින් කර තිබෙනව. විශේෂයෙන් මෙහිදී හමුවන පුද්ගල චරිතවල පෙනුම හොදින් නිර්මාණය කර තිබෙනව පමනක් නොව එම චරිත ක්‍රීඩාවට ගැලපෙන ලෙස සාර්තකව සජීවීකරණය කර තිබෙනව. එසේම අද නිව්යෝර්ක් නගරයෙ තිබෙන ගොඩනැගිලි සහ වීදී ඒ ආකාරයෙන්ම මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙනව. 

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...