Home Tech News Computers Nokia Brand එකෙන් Laptop
ComputersHardwareTech News

Nokia Brand එකෙන් Laptop

Share
blank
Share

Nokia සමාගමේ බිදවැටීමත් සමගම HMD Global ලෙස නව සමාගමක් පිහිටුවා ගත් Nokia සමාගමේ හිටපු සේවකයන් පිරිසක් නැවතත් Nokia Brand එක යටතේ Android OS එක සමග Smart Phones නිකුත් කරන්න පටන් ගත්ත. මේ සමග නැවතත් Nokia Brand එක market එකේ පෙර තරම් ප්‍රභල නොවුනත් Smart Phone manufacturer කෙනෙක් බවට පත්වුනා.

මේ සමගම ප්‍රංශයේ OFF Global නම් නව සමාගමක් විසින් Nokia Brand එක යටතේ PureBook ලෙස Laptop Series එකක් ලොව පුරා වෙළදපොලවල් වලට නිකුත් කිරීමට අවශ්‍ය අවසරය ලබාගෙන තිබෙනව. මෙහිදී Purebook Series එක Design කිරීම – Develop කිරීම නිෂ්පාදනය වගේම බෙදැහැරීම හා වෙළද ප්‍රචාරණය යන සියළුම දේ OFF Global සමාගම හරහා සිදුවන අතර Nokia නාමය පමණක් ලබා ගැනීම සිදුවෙනවා.

දැනටමත් Nokia.com වෙබ් අඩවියේ මෙම Purebook line up එක පලකරල තිබෙනව වගේම අගල් 17, 15 සහ 14 යන Range වලින් නිකුත් කරන්න කටයුතු සූදානම් කරල තියෙනව. මෙහිදී මෙම සියළුම Laptop වල යොදා ගැනෙන්නේ intel 12th gen i3 – i5 සහ i7 CPU. මේවා perfroamce Cores සහ Efficiency Cores වලින් සමන්විත SOC Range එකක් නිසා වැඩි Battery Life එකක් සමග Nokia PureBook පළමු නිකුතුවත් එක්ක Brand එක ඉහල තත්වයකට ගෙනඑන්න බොහෝ විට සමත් වෙන්න පුළුවන්.

මින් පෙර Nokia Branded laptops ඉන්දියාවේ පමණක් අලෙවි වීම සිදු උනත් Global Market එකට Nokia Laptop Launch එකක් සිදු වන්නෙ ප්‍රථම වතාවටයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...