Home Tech News වසර 20ක් සපිරෙන Google Earth
Tech News

වසර 20ක් සපිරෙන Google Earth

Share
blank
Share

Google Earth මේ වසරේ එහි 20 වැනි උපන්දිනය සමරනවා. 2001 සිට, ලෝකෙම maps වෙනසකට ගෙනාවේ මේ tool එක හරහා. Google Earth කියන්නේ සරල map එකක් නෙවෙයි – ඒක තමයි අපිට ආ ගමන් මඟ බලන්න, පාසලක් හරි, පරණ ගෙදරක් හරි, ඇවිදින ගමන් වගේම aerial view එකෙන්ම බලන්න පුළුවන් හැමවිටම update වෙන virtual globe එක.

ඉතින් අද මේ 20 වැනි උපන්දිනය වෙනුවෙන් Google සමාගම විසින් පරිශීලකයන්ට අලුත්ම feature එකක් හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි, “Historical Street View”කියන්නෙ. මේකෙන් අපිට දැන් Street View එකෙ අවුරුදු ගණනක් පරණ  Street View photos නැවත බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට, ඔබේ ගමේ පාරක්, හෝ පාසලක්, වසර 10කට 15කට පෙර කොහොමද තිබුනෙ කියලා බලන්න පුළුවන්.

මෙම feature එකේ සුන්දරත්වය තමයි ඒක නිකං nostalgia එකක් විතරක් නෙවෙයි. අපිට පාරවල් වෙනස්වෙලා තියෙන හැටි, නගර සංවර්ධනය, වනාන්තර විනාශය වගේ දේවල් පවා හොඳින් බලාගන්න පුලුවන්. ඉතිහාසය පසුපසට හැරී බලන්න Google Earth දැන් යොදාගන්න පුළුවන් powerful tool එකක් වෙලා තියනවා.

මේ update එක Google Earth Web version එකෙන් සහ Earth Pro යෙදුම හරහා භාවිතා කළ හැකි වෙනවා. එය AI සහ data visualizations එක්ක එකතු වෙලා, climate change, urban development, tree coverage වගේ තොරතුරුත් වැඩිදියුණු කර පෙන්වනවා. නගර සැලසුම්කරණයට, පරිසර අධ්‍යයන වලට, සහ පාසල් වැඩසටහන් වලටත් මේක වටින tool එකක් වෙයි.

අවසානයේ කියන්න තියෙන්නේ, Google Earth එක අවුරුදු 20ක සංවර්ධනයෙන් පසු තවත් වටිනා පියවරක් අරගෙන තියෙනවා. මෙය අපිට වටපිටාව හඳුනාගන්න, අතීතය තේරුම් ගන්න සහ අනාගතය සැලසුම් කරන්න වටිනා වැඩසටහනක්. 

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...