Home Tech News සියැටල් වරායට එල්ලවූයේ Ransomware ප්‍රහාරයක් !
Tech News

සියැටල් වරායට එල්ලවූයේ Ransomware ප්‍රහාරයක් !

Share
blank
Share

මම මීට දින කිහිපයකට පෙර “සියැටල් වරායට සී-ටැක් ගුවන්තොටුපටලට Cyber ප්‍රහාරයක්” යනුවෙන් Article එකක් ලිව්වා, නමුත් මෙම ප්‍රහාරයට නිශ්චිත හේතුව ඒ වන විට සොයාගෙන තිබුනේ නැහැ.පසුගිය සිකුරාදා දින සියැටල් වරාය පරිපාලනය තහවුරු කලේ මෙම ප්‍රහාරයට හේතුව Ransomware එකක් බවයි.

Ransomware යනුවෙන් හදුන්වන්නේ පරිගනක පද්ධතියක ප්‍රවේශය අවහිර කිරීමට හෝ යම්කිසි මුදලක්(කප්පම්) ගෙවන තෙක් පරිගණක පදධතියේ දත්ත ඔවුන්ගේ පාලනයට ගෙන එම දත්ත ඔවුන්ට පමණක් හදුනා ගත හැකි ආකාරයට සංකේතනය(Encryption) කිරීමෙන් පසු දත්තවල මුල් හිමිකරුවන්ට,දත්ත නැවත් තිබූ ආකාරයට විකේතනය(Decryption) කිරීමට අවශ්‍ය නම් ඔවුන් පවසන ලද මුදල ගෙවිය යුතුබවට තර්ජනය කිරීම් වැනි කටයුතු සදහා යොදාගන්නා අනිෂ්ට මෘදුකාංග ප්‍රභේදයකි.මෙවැනි Ransomware නිර්මාණකරුවන් Phishing E-Mail, Software වල තිබෙන දුර්වලතා හරහා මේවා පරිගණකතුලට ඇතුළු කිරීමට කටයුතු කරයි.

මෙලෙස අගෝස්තු 24 වන දින සියැටල් වරායට එල්ල වූ ප්‍රහාරයද යම්කිසි මුදල් ලබාගැනීමෙ පරමාර්ථයකින් සිදුවූවක් බවට වරාය බලධාරීන් විශ්වාස කරයි.තවද ඔවුන් “Rhysidia” යනුවෙන් හදුන්වන අපරාධ සංවිධානය මෙම ප්‍රහාරයට වගකිවයුතු බවටද ඔවුන් චෝදනා කරයි.පසුගිය වසරේ බ්‍රිතාන්‍ය පුස්තකාලයකට එල්ලවූ සයිබර් ප්‍රහාරයටද මෙම කණ්ඩායම හවුල් වී ඇතිබවද වාර්තා වේ.

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...