The GAME SHOW EPISODE 1 – Event
The Game SHOW – Episode 1 – 2022 නොවැම්බර් 27 වන දින කොල්ලුපිටිය Nanotek Computer Solutions ප්‍රදර්ශනාගාරයේදී සාර්ථකව පැවැත්වුනා. Pcguidelk විසින් සංවිධානය කර Nanotek Computer Solutions විසින් බල ගැන්වූ මෙම Event එකට Gift Pack සදහා ලොව සුපතල MSI Brand එකේ අනුග්‍රහය හිමිවුනා.
තරගකරුවන් 171 දෙනෙක් සමගින් ආරම්භ වූ Pcguidelk GAME SHOW එක ඡන්ද වට දෙකකින් සමන්විත උනා. පළමු වටයේදී ඉදිරිපත් වූ 171 දෙනාගෙන් 25 දෙනෙකු තේරීම සිදු කල අතර දෙවන ඡන්ද වටය හරහා අවසාන 10 දෙනා තේරීම සිදුවුනා. සියළු තරගකරුවන්ට තමන්ගේ උත්සාහය මත ඡන්ද ලබා ගැනීමට සිදු වීම නිසා සැමට සමාන අවස්ථාවක් හිමි වූ බව අපේ හැගීමයි.

තරගයේ පළමු අවස්ථාව උනේ පැමිණ සිටි 10 දෙනා කණ්ඩායම් දෙකකට බෙදීමයි. කණ්ඩායම් හැගීමෙන් සාමුහිකව වැඩ කිරීම, නිදහසේ සිතීම සහ නීති රීතින් උල්ලංඝනය නොකොට Creative ලෙස ක්‍රියාකිරීමේ නිදහස සියල්ලන්ට හිමිඋනා.
Team Red සහ Team Blue
Team Blue | Team Red |
Laaiq – Colombo | P.A. Harshana M. Perera – Colombo |
M F Farhad Lafarie – Colombo | Manura Anuhas – Panadura |
R. M chamara dilshan – Anuradhapura | W.Tharusha Dewmina Perera – Colombo |
Hiran Sanjaya Withana – Mount Lavinia | Nayanakantha Premakumara – Bulathsinhala |
H.Yasinda Keesal Geethaka – gampaha | Pramod maduranga – malabe |
Nanotek Showroom එක තුලදී සහ ඉන් පිටත තරග වට 5කට Team Blue සහ Team Red ලෙස මෙම දස දෙනා බෙදී මුහුණ දුන්නා. අභියෝගාත්මක සහ විනෝදය මුසු වූ Computer Games, Lip Reading Challenge, treasure Hunt, PC Quotation සහ Quiz තරග වට 5න් ලබාගත් මුළු ලකුණු අනුව ජයග්‍රහණය ලබාගැන්මට හැකිවූයේ Team Blue එකටයි.





මේ අනුව Team Blue එකට Nanotek වෙතින් එක් අයෙකුට රු 10,000 බැගින් මුදල් ත්‍යාග, MSI T Shirt සහ Jersey ලබාදුන්නා. ඒ වගේම හොද තරගයක් ලබාදුන් Team Red එකටත් Nanotek වෙතින් රු. 2,000ක ත්‍යාග වව්චර් සහ T Shirts සහ Jersey හිමිඋනා.
Pcguidelk විසින් සංවිධානය කල THE GAME SHOW එක ලාංකීය YouTube අවකාශය තුල රූපවාහිනියෙන් YouTube තුලට Games Show අත්දැකීමක් ගෙනා පළමු අවස්ථාව ලෙස ආඩම්බරයෙන් සදහන් කල හැකියි. අළුත්ම අත්දැකීම් සමගින් PIMP MY PC – GAME SHOW සමග වෙනසක් කල හැකි වීම ගැන සැබැවින්ම සතුටු වන අතරම මේ අවස්ථා දෙකේම අප සමග අත්වැල් බැදගත් Nanotek Computer Solutions සහ MSI Sri Lanka වෙතත් දැවැන්ත ස්තුතියක් පුද කරනව.

Computer, Smart Phone වලින් මිදී කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට සිදුවූ Pcguidelk GAME SHOW එක ගැන ප්‍රසාදයක් සහිතව සියළු දෙනා අසහස් දැක්වූ අතර – Episode 2 සමගින් ඉක්මනින්ම නැවත හමුවීමට අපේක්ෂා කරනව. මේ සියළු කටයුතු සාර්ථක කරගැන්මට ක්‍රියා කල Pcguidelk Team එක සහ Nanotek Team එකත් තරගය සාර්ථක ලෙස පැවැත්වීමට සහය වූ සියළුම තරගකරුවන්ටත් ස්තුතියි.
2 Comments