Home Tech News Events ගජමෑන් කතාව
EventsTech News

ගජමෑන් කතාව

Share
blank
Share

ලංකාවේ අපි පිටරටවලින් එන ත්‍රිමාණ සජීවීකරණ එහෙමත් නැත්නම් 3D Animated movies ගොඩක් බලල තියෙනව. ඒත් ඒ වගේ දෙයක් ලංකාවෙන් කවදා හැදෙයිද කියල බලන් හිටිය අයත් උත්සහ කරපු අයත් නැතුවම නොවෙයි. Studio 101 කියන්නෙ 25 දෙනෙක්ගෙන් විතර සමන්විත, ලංකාවේ පළමු ත්‍රිමාණ සජීවීකරණ සිනමාපටය කියන අතිදැවැන්ත කඩඉම ජයගත්ත කණ්ඩායමයි.

ගජමෑන් කියන්නෙ ලංකාවේ 70 දශකයේ පටන් අරන් ලොකු පොඩි හැමදෙනාටම හාස්‍ය රසය චිත්‍රකතා පත්තර හරහා අරන් ආපු කාටූන් චරිතයක්. මේක 3D Movie එකක් විදිහට නිර්මාණය කරන්න අදහස එන්නෙ චානකට, නමුත් ඒ වෙනකොට ලංකාවේ මේ වගේ දෙයක් කරන්න කවුරුත් උත්සහ කරල නොතිබුන නිසා මේ ගැන Research & Development කරන්න සිද්දවෙනව අවුරුදු ගණනාවක්ම. Studio 101 හරහා පටන්ගන්න මේ වැඩේ හෙමින් සීරුවෙ එක එක්කෙනා සම්බන්ධ කරගෙන අත්හදා බැලීම් හරහා කරගෙන යන Studio 101 කණ්ඩායමට මේකට අවශ්‍ය කරන මිනිස් බලය ලංකාවෙම අය හරහා එකතු කරගන්න පුලුවන් වෙනව.

මීළග ගැටලුව වෙන්නෙ මේ වගේ පැය 1යි මිනිත්තු 30ක් විතර යන movie එකක් Animate සජීවීකරණය කරන එකයි. මේක සාම්ප්‍රදායික විදිහට අතින් සජීවීකරණය කරන්න ගියොත් සෑහෙන කාලයක් ගතවෙනව වගේම සෑහෙන පිරිස් බලයක් අවශ්‍ය වෙනව. නමුත් මේ කාලෙම stephan spielberg විසින් නිෂ්පාදනය කරන Tin Tin Animated Movie එකෙන් Motion Capture හරහා මේක කරන්න පුලුවන් කියන අදහස ගන්න පිරිස ඒකට උවමනා කරන එක Motion / performacne capture set එකක් ගෙන්න ගන්නව.

Poll not found

මේක හිතන තරම් ලේසි වැඩක් වෙන්නෙ නැහැ. Perforamcne Capture එකේ Facial Animations / Finger Animations හරියටම වැඩ කරන්නෙ නැති නිසා ගජමෑන් සිනමාපටයෙ සම්පූර්ණ Facial / Hand Animations කරල තියෙන්නෙ පරන ක්‍රමයටමයි. ්Hollywood studios වලින් හදන Behind the scenes clip වල බොහොම ලේසියට පෙන්නන මේ Motion Capture ඒ වගේම 3D Animation කියන තරම් ලේසි නැති බවත් මේ හදපු ලංකාවෙ පළමු 3D animated movie එකතුල අවුරුදු ගණනක් මහන්සි වෙලා මුලු ඉදන්ම research කරපු දේවල් තියෙනව කියලත් චානක වගේම ධනුෂ්ක සහ ඉසුරු සහ යසිරු කිව්ව.

අවුරුදු 3කට වැඩි කාලයක් ගතකරල හදපු මේ movie එක විශේෂ වෙනව කරුනු කීපයක් නිසා.

  • එකක් තමයි ලංකාවේ හදපු ඒ වගේම ජාත්‍යත්තර තලයේ 3DAnimation සමග කරට කර ඉන්න පළමු නිර්මාණය වෙන්නෙ මේ ගජමෑන් film එක නිසා.
  • අනික් එක මේ ත්‍රිමාණව හදල තියෙන්නෙ ලංකාවෙම සිත්තරෙක් වෙච්ච කැමිලස් මහත්මයගෙ නිර්මාණයක් සහ ලංකාවෙ බාල මහලු කොයි කවුරුත් දන්න, චිත්‍ර කතා මාධ්‍ය මූලික කරගෙන ජනප්‍රියවෙච්ච චරිතයක් වීම.
  • ලංකාවේ පළමු ත්‍රිමාණ සජීවීකරණ සිනමාපටය Rendering කරගන්න ලංකාවෙම renderFarm එකක් හදාගෙන තියෙන එක.

මේ හැම දෙයක් ගැනම ඇහෙද්දි ලංකාවෙ අපට කරන්න පුලුවන් තවත් බොහෝ දේවල් තියෙනව කියන එකත් මතක් කරන්නම ඕන. මේ ගැන ඔයාගෙ අදහස් පහලින් ලියන්න අමතක කරන්නෙපා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...