Home Tech News ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවෙන් අපනයනය වන ලැප්ටොප්
Tech News

ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවෙන් අපනයනය වන ලැප්ටොප්

Share
blank
Share

E-wis සමාගම විසින් ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය කරන ලද ලැප්ටොප් පරිගණක 1000ක් ප්‍රථම වතාවට සිම්බාබ්වේ වෙත අපනයනය කිරීම පසුගියදා සිදුවිය.

සිම්බාබ්වේ රටට යැවූ මෙම ලැප්ටොප් මගින් ඇමරිකන් ඩොලර් මිලියන 02ක ආදායමක් රටට ලැබෙන අතර තවත් ලැප්ටොප් 6000ක ඇණවුමක් සිම්බාබ්වේ වෙතින් ලැබී ඇතැයි Ewis Colombo සමාගමේ සභාපති සංජීව වික්‍රමනායක මහතා පසුගිය 12 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. දකුණු අප්‍රිකාව, සුඩානය ඇතුළු රටවල් කිහිපයක් සමග මෙරට ලැප්ටොප් අපනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රමුඛයකු වන තම ආයතනය දශක 04කට ආසන්න කාලයක සිට අධ්‍යාපනය, ව්‍යාපාර හා රජයේ ව්‍යවසායයන් වෙත මෙම පරිගණක සපයන බවත් අවශ්‍ය ඕනෑම පාර්ශ්වයකට මේවා ලබාගත හැකි බවත් ඔහු කීය.

තම ආයතනය ISO 9001(2015) & ISO 14001(2015) & CF, FCC, ROHS ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක බවේ සහතික ලබාගෙන ඇති බව ද ඒ මහතා කීය

උපුටා ගත්තෙ https://irinewslk.com/

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...