Home Tech News Explained සිංහල චිත්‍රපටි නැරඹිය හැකි ලාංකික streaming platform එක Thina
ExplainedInternetTech Newswebsites

සිංහල චිත්‍රපටි නැරඹිය හැකි ලාංකික streaming platform එක Thina

Share
Share

මේ වනවිට චිත්‍රපට ලෝකය තුල streaming platforms විප්ලවීය වෙනසක් සිදුකර තිබෙනව. චිත්‍රපට හා රූපවාහිනී කතාමාලා පිලිබදව ගත්විට නරඹන්නන් හට නිතරම සිහියට එන්නෙ Netflix, Amazon Prime සහ Hulu වැනි streaming platforms කිහිපයයි. නමුත් මෙම කිසිම platform එකක් තුල අපගේ දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කරන්නෙ නැහැ.

එනමුත් ශ්‍ර්‍රී ලාංකික සමාගමක් වන තිස්ස නාගොඩවිතාන චිත්‍රපට සමාගම එනම් (ති.නා) සිංහල චිත්‍රපටි සදහාත් නවතම streaming platform එකක් හදුන්වා දී තිබෙනව. මෙම තිස්ස නාගොඩවිතාන මහතා ලංකාවේ වඩාත් ජනප්‍රියව පවතින්නෙ ශ්‍රී ලාංකිකයන්ට TV සහ DVD ආකෘතිවලින් නැරඹීම සඳහා පැරණි චිත්‍රපට රැසක් මිල දී ගෙන ප්‍රතිසංස්කරණය කළ දිවයිනේ මුල් පෙළේ චිත්‍රපට සංරක්ෂණ ශිල්පියා ලෙස‍යි.

පැරනි චිත්‍රපට වල “ති.නා” නමින් watermark එකක් ඔබ දැක ඇති බවට සැක නැත. මේ ආකාරයට “ති.නා” මගින් සංස්කරණය කල චිත්‍රපට සහ කතාමාලා සදහා ඔවුන් නිර්මානය කල streaming platform එක Thina ලෙස නම් ක‍ර ඇත.

මෙම සේවාවට comedy, drama, thriller වැනි කාන්ඩයන්ට අයත් පැරනි සහ නව චිත්‍රපට ඇතුලත් කර තිබෙනව. නරඹන්නන්හට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා හෝ ඔවුන්ගේ ඇප් එක Google Play Store හෝ Apple App Store හරහා ලබාගන්න පුලුවන්. Thina වෙතින් දැනට unlimited streaming package එකක් මසකට රුපියල් 399 (plus taxes) සහිතව ලබාගන්න පුලුවන්. ඒවගේම මෙම සේවාව සඳහා ජාත්‍යන්තර පාරිභෝගිකයින්ට මසකට USD 3.99ක් වැය වෙනව.

මෙම Thina මගින් තවමත් Netflix වැනි අත්දැකීමක් ලබාගන්න හැකිවෙන්නෙ නැහැ. එනම් මුල් පිටුවට AI මගින් නිර්දේශ කරන චිත්‍රපටි වැනි දෑ මෙන්ම offline access හෝ streaming quality එක වෙනස් කිරීමේ හැකියාව වැනි දෑ මෙහි දැකගන්න ලැබෙන්නැ.

ඇත්ත වශයෙන්ම, මෙය සිංහල චිත්‍රපට අන්තර්ජාලයට ගිය පළමු අවස්ථාව නොවේ. 2021 දී, Evoke International Limited ආයතනය නිවේදනය කළේ තිස්ස නාගොඩවිතානගේ චිත්‍රපට නාමාවලිය සඳහා තනි ජංගම බලපත්‍ර අයිතිය ලබා ගත් බවයි. මෙයින් අදහස් කළේ දකුණු ආසියාවේ ජනප්‍රිය වේදිකාවක් වන Hungama Play හරහා streaming කරන බවයි.

තිස්ස නාගොඩවිතාන සමාගමෙන් තවදුරටත් පවසා තිබෙන්නෙ පැරනි චිත්‍රපට පමනක් නොව ඉදිරියේදී නව චිත්‍රපටි සහ කතාමාලා මේ වෙත එක්කරන බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

3 Comments

Leave a Reply to BuddikaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...