Home Tech News Internet Microsoft Edge Browser එක මගින් නොමිලේ ලබාදෙන VPN පහසුකමක්
InternetTech News

Microsoft Edge Browser එක මගින් නොමිලේ ලබාදෙන VPN පහසුකමක්

Share
blank
Share

Microsoft සමාගම විසින් ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වැඩිදියුණු කිරීමේ උත්සහයක් ලෙස සමාගමේ Edge browser එක වෙත නොමිලේ built-in VPN සේවාවක් එකතු කරන්න කටයුතු කරගෙන යනව කියල වාර්තා වෙනවා. “Edge Secure Network” නමින් හඳුන්වන මේ සේවාව දැනට Cloudflare servers වල බලයෙන් ක්‍රියාත්මකයි. තවමත් පරීක්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක වෙන මේ VPN සේවාව ඉදිරියේදී security upgrade එකක් විදිහට පොදුවේ නිකුත් කරාවී.

මේ සේවාව සක්‍රීය කල විට Edge Secure Network එක භාවිතා කරන්නන්ගෙ web traffic එක encrypt කිරීමක් සිදු වෙනවා, ඒ අනුව අන්තර්ජාල සේවා සපයන්නන් හට ඔබ අන්තර්ජාලයේ කරන දේ පිලිබඳ තොරතුරු රැස් කිරීමට හැකියාවක් නෑ. මේ සේවාවෙන් ලැබෙන තවත් ප්‍රයෝජනයක් තමයි තමන් සිටින සැබෑ ස්ථානය සැඟවීමට ඉඩ සැලැස්වීම, මේ අනුව virtual IP address එකක් භාවිතයෙන් තමන් සිටින ස්ථානය වෙනස් කිරීමටත් තමන් සිටින රටට අවහිර කර ඇති ඇතැම් contents නැරඹීමටත් හැකියාව ලැබෙනවා.

කෙසේ වෙතත් මේ නොමිලේ ලබාදෙන සේවාවේ පොඩි අවුලක් තියනවා, ඒ තමයි මේ සේවාව නොමිලේ ලබාගන්නවනම් මාසයකට 1GB දත්ත ප්‍රමාණයක තමයි VPN එක පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම මේ සේවවට Microsoft ගිණුමක් භාවිතා කරල sign in වෙන්නත් වෙනවා. එතකොට තමන්ගෙ usage එක බලාගන්න පුලුවන්. Microsoft ආයතනය ප්‍රකාශ කරල තියනව Cloudflare මගින් මේ සේවාව භාවිතා කරද්දි එකතු වෙන දත්ත සෑම පැය 25ක් ඇතුලතම සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව.

මේ සේවාව තවමත් සංවර්ධනය වෙමින් තමයි තියෙන්නෙ, ඒ වගේම early testing එකක් ලබාගන්නවත් හැකියාවක් නෑ. Microsoft ආයතනය විසින් Microsoft Edge Insider channels වලට මේ VPN සේවාව නිකුත් කරාට පස්සෙ users ලට හැකිවේවී ඒ Insider channels වලට සම්බන්ධ වෙලා මේ සේවාව test කරන්න.

Microsoft Edge කියන්නෙ VPN සේවාවක් සපයන එකම browser එක නෙවෙයි. දැනටමත් Opera browser එක මත නොමිලේ ලබාදෙන VPN සේවාවක් ක්‍රියාත්මකයි. ඒ වගේම Google Chrome සහ Mozilla Firefox වැනි browsers මුදලක් ගෙවල ලබාගන්න පුලුවන් VPN සේවා ලබාදෙනව.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...