Home Tech News Graphics GeForce Now සඳහා Apple Silicon සහය එක් කරයි
GraphicsPhonessoftwareTech News

GeForce Now සඳහා Apple Silicon සහය එක් කරයි

Share
blank
Share

GeForce Now කියන්නෙ Nvidia සමාගමේ cloud gaming platform එක. අලුතෙන් නිකුත් වුන GeForce Now 2.0.40 සංස්කරණයත් එක්ක Apple Silicon සඳහා native support එක මේ වෙනකොට එකතු කරල තියනවා. බොහෝ Intel Mac මත run වෙන apps වගේම GeForce Now වලටත් Rosetta 2 පහසුකම භාවිතා කරල ක්‍රියාත්මක වෙන්න පුලුවන් වුනා, ඒත් ඒක එතරම් කාර්‍යක්ෂම වුනේ නෑ. ඉතින් Nvidia සමාගම පවසන ආකාරයට Apple Silicon සඳහා native support එක එක් කිරීමෙන් GeForce Now සේවාවේ විදුලි පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩු කරල සහ startup time එක අඩු වෙලා වඩාත් හොඳ අත්දැකීමක් පරිගණක ක්‍රීඩකයන්ට ලබාදෙන්න හැකි වෙලා තියනවා. නමුත් මේ වැඩිදියුණු කිරීමෙන් පරිගණක ක්‍රීඩාව stream කරන්න හෝ input latency එකට බලපෑමක් වෙනවද කියලනම් සඳහනක් නෑ.

Apple M1 සහ M1 Ultra වැනි chip ඇතුලත් Mac පරිගණක තුල සමාන මිල ගණන් සහිත වෙනත් පරිගණක හා සසඳන විට ප්‍රබල GPU එකක් ඇතුලත් වෙලා තියනවා, නමුත් ඒක ප්‍රසිද්ධ AAA පරිගණක ක්‍රීඩා Mac මත හඳුන්වාදෙන්න හේතුවක් වෙලා නෑ. මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ Windows පරිගණක භාවිතා කරන පිරිස, Mac පරිගණක භාවිතා කරන පිරිසට වඩා අතිශයින්ම ඉහළ අගයක් වීම. මේ හේතුවෙන පරිගණක ක්‍රීඩා සංවර්ධකයන් Windows platform එක ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන තමයි ක්‍රීඩා සංවර්ධනය සිදු කරන්නෙ. මීට අමතරව මෘදුකාංග පැත්තෙන් Apple සමාගම නවීන Vulkan API සහ OpenGL වැනි තාක්ෂණ සඳහා සහය දක්වන්නෙත් නෑ.

GeForce Now වලින් high-end පරිගණකයක ක්‍රීඩා කරද්දි එන අත්දැකීම ඒ විදිහටම ගන්න බැරි වුනත්, ඒ වගේ පරිගණකයක් නැතිනම් හරි Apple පරිගණකයක් හරි තියනවනම් මේ සේවාව හොඳ විකල්පයක්. ඔබට ක්‍රීඩා කිරීමට අවශ්‍ය පරිගණක ක්‍රීඩාව මිලදීගෙන ඇත්නම් නොමිලේ ලබාගන්න පුලුවන් GeForce Now සාමාජිකත්වයකින් GTX 1060 tier එකෙන් ඒ ක්‍රීඩාව පැයක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලබාදෙනවා. ඊට වඩා performance එක්ක වැඩි කාලයක් ක්‍රීඩා කරන්න අවශ්‍ය නම් ඔබට මාසිකව $9.99 ක් හෝ මාස හයකට $49.99 ක් ගෙවල subscription එකක් මිලදී ගන්න සිදු වෙනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...