Home Tech News Spotify විසින් ගීතයක lyrics බැලීමේ සීමාව වැඩිකෙරේ
Tech News

Spotify විසින් ගීතයක lyrics බැලීමේ සීමාව වැඩිකෙරේ

Share
blank
Share

පසුගිය මැයි මාසයේදී Spotify සමාගම විසින් ගීතයක lyrics බැලීමේ හැකියාව නොමිලේ දෙන සංස්කරණය බාවිතා කරන පරිශීලකයන්ට මාසයකට ගීත තුනක පමනක් lyrics බැලිය හැකිවන ලෙස අඩු කිරීමක් කරා. මෙමගින් සමාගම බලාපොරොත්තු උනේ පරිශීලකයන්ව premium සංස්කරණය මිලදී ගැනීමට පෙලබවීමයි.

නමුත් මෙම මාස කිහිපය තුලදී පරිශීලකයන්ගෙන් ලැබුනු පැමිනිලි නිසා මේ වනවිට සමාගම එම මසකට බැලිය හැකි lyrics සීමාව වැඩි කර තිබෙනවා. මෙය දැන් ලොවපුරා සිටින පරිශීලකයන්ට ලබාදී තිබෙනවා.

නොමිලේ ලබාදෙන සංස්කරණය බාවිතා කරන පරිශීලකයන්ට ලැබෙන lyrics සීමාව කීයක්ද යන්න පිලිබදව සමාගම තවමත් නිශ්චිතව නිවේදනය කර නැහැ. නමුත් වාර්තා වන ආකාරයට එය සැලකිය‍යුතු ප්‍රමානයක්.

Spotify සමාගමෙන් මේ ආකාරයට ගීතවල lyrics බැලීමේ හැකියාව මුල්වරට හදුන්වා දුන්නෙ පසුගිය සැප්තැම්බර් මාසයේ සිටයි. නමුත් මෙම විශේෂාංගය නිසා විශාල වශයෙන් premium සංස්කරණය ලබාගත් පරිශීලකයන්ගේ වැඩිවීමක් සිදුවුනේ නැහැ.

2024 වසරේ දෙවන කාර්තුව වනවිට Spotify බාවිතා කරන ලොවවටා සිටින පරිශීලකයන් අතරින් මසකට පැමිනෙන සක්‍රීය පරිශීලකයන් ගණන මිලියන 626 බව වාර්තා වෙනව. ඒවගේම ඒ අතරින් මිලියන 246 premium සංස්කරණය බාවිතා කරන්නන් වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...