Home Tech News හැක් කිරීමේ අලුත් ක්‍රමය Dolphin attack
Tech News

හැක් කිරීමේ අලුත් ක්‍රමය Dolphin attack

Share
blank
Share

අතිධ්වනි ශබ්ද තරංග උපයෝගී කර ගෙන සයිබර් ප්‍රහාර එල්ල කළ හැකි බව, (ultra sonic acoustic attack) ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා මහාචාර්යවරියක වෙන ගිනිවර් චෞ ඇතුළු කණ්ඩායමක් විසින් පෙන්වා දී තිබෙනව. මෙම හැකිං ක්‍රමය ඔවුන් විසින් නම් කරනු ලැබ ඇත්තේ, ඩොල්ෆින් ඇටෑක් (Dolphin Attack) වශයෙන්.

එල්සීඩී තිර ක්‍රියාත්මක වෙන විට ඉන් නික්මෙන තරංගවල සංඛ්‍යාතය මිනිස් කනට ඇසෙන්නෙ නැහැ. එහෙත් වෙබ්කැම්වල ඇති මයික්‍රොෆෝන්, ස්මාට්ෆෝන්වල ඇති මයික්‍රොෆෝන් මෙන්ම ස්මාට් ස්පීකර්වල ඇති මයික්‍රොෆෝන් යනාදියට එම ශබ්ද තරංග උකහා ගන්නට පුළුවන් නිසා ඒවා රෙකෝඩ් වෙනවා.

දුර ඈත තැනක සිට මෙවැනි පරිගණකයකට ප්‍රවේශ වෙන හැකර්කරුවෙක්ට එම ශබ්ද ලබා ගන්නට පුළුවන්. ඒවා විශේෂ කෘත්‍රිම බුද්ධි පරිගණක ගණනය කිරීමේ උපක්‍රමයකට හෙවත් ඇල්ගොරිදමයක් මඟින් විමසා බලන්න පුලුවන්. එවිට ඉන් පෙන්වන්නේ, එම වේලාවේ පරිගණකයෙන් පිවිසි වෙබ් අඩවි යනාදී වෙබ් භාවිතය පිළිබඳ තොරතුරු සමූහයයි. මේ අනුව නිතර පිවිසෙන වෙබ් අඩවි හෝ සේවා හෝ මොනවාදැයි දැන ගන්නට පුළුවන්.

පෙනෙන විට එහි ඇති රූප, වීඩියෝ සහ අකුරු යනාදිය තිරයෙන් පෙන්වද්දී එහි ක්‍රියාකාරී වෙන්නේ එකිනෙකට වෙනස් වර්ණ පික්සෙල්. විදුලිය ලබන පික්සෙලයක් ක්‍රියාත්මක වෙන විට ඉන් අතිධ්වනි ශබ්ද තරංග නික්මෙනවා. තිරයෙන් පෙන්වන දෙයට අනුව මෙම හඬෙහි තාරතාව (pitch) වෙනස් වෙනවා. එය පෙන්වන ශබ්ද තරංග රූපයකට වර්ණාවලියක් (spectrogram) ලබා ගන්නට පුළුවන්. එය විශ්ලේෂණය කළ විට, පිවිසි වෙබ් සේවාව මතු නොව, එහි ඇති කුමන අංගයක් භාවිතා කළේද යන්න පවා දැන ගන්න පුලුවන්. ඩිජිටල් මොනිටර් තිර සහ වෙබ් කැමරාවලින් නික්මෙන අතිධ්වනි තරංග පමණක් නොව කටහඬින් විධානදී ක්‍රියාත්මක කළ හැකි ස්මාට් ස්පීකර්ද මෙලෙස උපයෝගී කර ගෙන එම උපාංගවලින් කරන වැඩ මොනවාදැයි දැන ගන්න පුලුවන්.

මෙම හැකිං උපාය ගැන පර්යේශන කළ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ මෙවැනි හැකිං ඇල්ගොරිදමයක් සකසා, එය ක්‍රියාත්මක වෙන ආකාරය ආදර්ශනය කොට පෙන්වා තිබෙනවා. යම් පරිගණකයට ඈත සිට ප්‍රවේශය ලබා, ඒ තැනැත්නා හෝ ඔහුගේ වෙබ් හැසිරීම හෝ අනාවරණය කර ගත හැකි බව ඉන් තහවුරු කරා. පළපුරුදු හැකර්කරුවෙක්ට සැතපුම් දහස් ගණනක දුර සිට වුවත් මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ හැකි බව ඔවුහු පවසනවා.

මෙයට කලින් ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයේ, පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලයේ, චීන විද්‍යා ඇකඩමියේ සහ ඊස්‍රායෙලයේ ටෙල් අවීව් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින්ද මෙවැනිම සොයා ගැනීමක් කර තිබෙනවා. එහිදී ඔවුන් ආදර්ශනය කර පෙන්වූයේ එක කෙළින් පිහිටි උපාංග වෙත පමණක් මෙවැනි ප්‍රහාර එල්ල කළ හැකි ක්‍රමයක්. මෙම හැකිං උපාය නම් කරනු ලැබූයේ, සර්ෆි ඇටෑක් වශයෙන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...