Home Tech News Studio Quality එකෙන් සින්දු අහන්න පුලුවන් Spotify
Tech News

Studio Quality එකෙන් සින්දු අහන්න පුලුවන් Spotify

Share
blank
Share

Spotify කියන්නේ ලොවපුරාම මිලියන ගණනක් අය music අහන app එකක්. හැබැයි, හුඟාක් දෙනා Spotify ගැන complaint කරද්දී කිව්ව එක දෙයක් තමයි “lossless audio” නැති එක. ඔන්න දැන් ඒක අවසන්. Spotify lossless audio විශේෂාංගය දැන් නිකුත් වෙලා තියනවා.

මේක අලුත් streaming tier එකක් විදිහට හදුන්වාදීලා තියනවා. Lossless කියන්නේ සරලවම කියනව නම් ගීතය record කරපු quality එකේම, කිසි audio compression එකක් නැතිව, නිවැරදිම sound එකෙන් අහන්න පුළුවන් කියන එක. හැබැයි මේ විශේෂාංගය බාවිතා කරන්න හැමෝටම බැහැ.  Subscription plan එකක් තියන පරිශීලකයන්ට විතරයි බාවිතා කරන්න පුලුවන්.

Spotify සමාගමෙන් මේ විශේෂාංගය නිකුත් කරලා තියෙන්නෙ Apple Music, Tidal වගේ දැනටමත් lossless audio ලබාදෙන platforms වලට competition එකක් දෙන්නයි. Apple Music පරිශීලකයන්ට ගොඩක් කලින්ම hi-fi sound විශේෂාංගය ලැබුනත් Spotify පරිශීලකයන්ට ඒ සදහා අවුරුදු ගණනාවක් බලාගෙන ඉන්න සිදුවුනා. දැන් Spotify වෙතිනුත් ඒ gap එක නැති කරගන්නයි බලන්නේ.

එහෙත්, මේ විශේෂාංගයෙන් වැඩිපුර ප්‍රයෝජනවත් වෙන්නෙ හොද headphones හෝ high-end sound systems තියන අය. සාමාන්‍ය earbuds වලින් අහන ගොඩක් දෙනාට lossless සහ normal quality එකේ වෙනස ඒ තරම් හොදින් අහන්න ලැබෙන්නෙ නැති වෙයි. 

මේ විශේෂාංගය මුලින්ම නිකුත් වෙන්නෙ Australia, Austria, Czechia, Denmark, Germany, Japan, New Zealand, Netherlands, Portugal, Sweden, US, සහ UK යන රටවල් වලටයි. 

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...