Home Games Marvel Rivals ගැන කතා කරමු
Games

Marvel Rivals ගැන කතා කරමු

Share
blank
Share

Marvel Rivals යනු ප්‍රසිද්ධ මාර්වල් වීරයන් සහ දුෂ්ටයන් තෝරාගෙන කණ්ඩායම් වශයෙන් සටන් කළ හැකි free to play ක්‍රීඩාවකි.මෙය third person game එකකි, එනම් ඔබ hero character එකක් ලෙස ක්‍රීඩා කර සටනේදී ඔවුන්ගේ බලතල සහ ආයුධ භාවිතා කරයි. Game එක ටිකක් ඕවර්වොච් වගේ ද පෙනේ, නමුත් random heroesලා වෙනුවට, ඔබට ස්පයිඩර් මෑන්, අයන් මෑන්, ලොකි සහ තවත් බොහෝ මාර්වල් චරිත සමඟ සෙල්ලම් කිරීමට ලැබේ.

මෙම ක්‍රීඩාව මුලින්ම PC, PlayStation 5 සහ Xbox Series X|S සඳහා 2024 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලදී. දැන්,  2025 සැප්තැම්බර් 12 වන දින PlayStation 4 වෙතද නිකුත් කර ඇත. මෙම new update එක season 4: Heart of the Dragon වේ. මෙහි නව සිතියම්, නව සිදුවීම් සහ සෙල්ලම් කිරීමට නව චරිත ඇතුලත්ව ඇත.

Season 4 හි වඩාත් ආකර්ෂණීය කොටස්වලින් එකක් වන්නේ ඇන්ජෙලා සහ ඩෙයාර්ඩෙවිල් යන වීරයන් දෙදෙනෙකුගේ පැමිණීමයි. ඇන්ජෙලා සැප්තැම්බර් 12 වන දින වැන්ගාඩ් වීරවරියක් ලෙස ක්‍රීඩාවට එක්වුනා. ඇය ශක්තිමත්, බලගතු සහ මුහුණට මුහුණ පහර දීමට කැමති ක්‍රීඩකයින් සඳහා හොද තේරීමකි. හෙල්ස් කිචන් හි අන්ධ වීරයා වන ඩෙයාර්ඩෙවිල්, 2025 ඔක්තෝබර් 10 වන දින update එකකින් පසුව පැමිණෙනු ඇත. ඩෙයාර්ඩෙවිල් ඔහුගේ වේගය, සටන් කලාවන් සහ ඔහුගේ විශේෂ ආයුධ භාවිතය සඳහා ප්‍රසිද්ධය, එය ඔහුව ක්‍රීඩාවෙ ඉතා විනෝදජනක කරාවි.

Marvel Rivals තුළ, තරඟ වේගවත් හා ක්‍රියාකාරී වේ. ක්‍රීඩකයින් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් දෙකක් ඔවුන්ගේ චරිතවල විශේෂ talents භාවිතා කරමින් එකිනෙකා සමඟ සටන් කරයි. සෑම වීරයෙකුටම වෙනස් බවක් දැනේ. සමහරු වේගවත් හා කඩිසර ය, සමහරු බර හා ශක්තිමත් ය, තවත් සමහරු කණ්ඩායම heal කිරීමට හෝ ආරක්ෂා කිරීමෙන් ඔවුන්ට උදව් කරති. ඔබේ ශෛලියට ගැලපෙන වීරයා ඔබට තෝරා ගත හැකිය. ක්‍රීඩාව team works සදහා ද ඉඩ සලසයි, එහිදී වීරයන්ට විශාල ප්‍රහාර සඳහා බලතල එකතු කල කළ හැකිය.

Marvel Rivals හි ග්‍රැෆික්ස් වර්ණවත් හා දීප්තිමත් වන අතර, එය players හට මාර්වල් කොමික් පොතක් ජීවයට පැමිණ ඇති බවක් දැනෙන පරිදි නිර්මාණය කර ඇත. සෑම සිතියමක්ම අනාගත නගරවල සිට අද්භූත ලෝක දක්වා විස්තර සහිතව නිර්මාණය කර ඇත. සෑම වාරයක්ම අලුත් දේවල් ගෙන එයි, එයින් අදහස් කරන්නේ ක්‍රීඩකයින්ට සෑම විටම new updates සහ අභියෝග ලැබෙනු ඇති බවයි.

මාර්වල් රසිකයන් මේ ක්‍රීඩාව ගැන ගොඩක් සතුටු පලකර තිබෙනවා. මොකද මේකෙන් වීරයෝ සහ දුෂ්ටයෝ ගොඩක් එකතු වෙනවා. ඇන්ජෙලා සහ ඩෙයාර්ඩෙවිල් වගේ අලුත් වීරයෝ ඉක්මනින්ම එකතු වෙන නිසා, ක්‍රීඩාව තවත් විශාල වෙමින් පවතිනවා. මාර්වල් රසිකයින්ට පමණක් නොව team battles and action-packed gameplay රසවිඳින ඕනෑම කෙනෙකුට මෙ game එක හොද තෝරාගැනීමකි.

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...