
Light Phone ජංගම දුරකථන සමාගම, Light Phone III නමැති නව දුරකථනයක් හදුන්වා දී ඇත .ප්‍රමාණයෙන් විශාල, සංකීර්ණ Smart Phones වලට අකැමති පිරිස් සදහාම නිර්මාණය කර ඇති මෙය ප්‍රමාණයෙන් කුඩාවට හා සරල ලෙස නිෂ්පාදනය කර ඇත.
Engadget වෙබ් අඩවියට අනුව,මෙහි ඇති ප්‍රධානතම විෂේශත්වය වන්නේ මෙහි අන්තර්ගත sleek black and white OLED Display එක හා අනෙක් ප්‍රධානතම හා ඇදහිය නොහැකිතම කරුණ වන, මෙම ජංගම දුරකතනය තුල Social Media Apps අන්තර්ගත නොමැති වීමයි.කෙටියෙන්ම කිවහොත්, මෙහි අවම වශයෙන් internet පහසුකම් හෝ e-mail පහසුකම් ද නැත.ඊට අමතරව මෙහි කිසිදු තෙවෙනි පාර්ශවික යෙදුම් ද (Third Party Apps) නොමැත.
කෙසේ වුවත් මෙය හුදෙක් හිස් ජංගම දුරකතනයක් නොවේ, මෙම මොඩලය තුළ NFC චිප් එකක්ද සමන්විත වන අතර එමගින් පහසුවෙන් ගෙවීම් සිදු කල හැක.Music, Text Messages, Flashlight එකක්,Voice Notes, Calendar, Timer සහ Alarm මෙන් ම කුඩා Camera පද්ධතියක් ද මෙහි ඇත. මේ සියල්ලටම අමතරව වර්තමානයේ Smart Phones වල ඇති Navigation App එකක් ද මේ තුළ අන්තර්ගත වේ. Light Phone III හි ඇති සැලකිය යුතුම කරුණ වන්නේ ,මෙය අමෙරිකනු ඩොලර් 799 එනම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 240 000 ආසන්න වීමයි.
අවසාන වශයෙන් මෙහි ඇති Specifications පහත සදහන් වේ.
- 6 GB Ram
- 128 GB Memory
- Qualcomm chip
- USB Type C Port
- Power Button හි ඇතුලත් Fingerprint ID
Leave a Reply