Home Tech News Channels වල notification නවත්වන YouTube
Tech News

Channels වල notification නවත්වන YouTube

Share
blank
Share

YouTube නවතම විශේෂාංගයක් පරීක්ශා කිරීම ආරම්භ කරලා තියෙනවා. මේකේ අරමුණ, ඔබ නිතර නැරඹීමක් නොකරන channels වලින් එන notifications ස්වයංක්‍රීයව අක්‍රිය කිරීමයි. මෙම විශේෂාංගය, විශේෂයෙන්ම All notification ලබාගැනීමට පරිශීලකයන් තෝරාගෙන ඇති නාලිකාවන් සඳහා අදාළ වන අතර, පරිශීලකයන් එම නාලිකාවේ නවතම notification වලට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, එම notification ස්වයංක්‍රීයව අක්‍රිය කෙරෙනවා. ​

නමුත්, notification අක්‍රිය වූ නාලිකාවන්ගෙන් එන දැනුම්දීම්, YouTube ඇප් එකෙ දැනුම්දීම් ආපසු කැඳවීමේ කොටස තුළ දැක්වෙනවා. එමඟින්, පරිශීලකයන්ට notification නොලැබුණත්, ඇප් එක තුළදී එම notification නැවත බලාගන්න පුලුවන්. ​

YouTube හි මෙම පරීක්ෂණය, notification වලින් පරිශීලකයින්ට ඇතිවන අපහසුතා අඩු කිරීමේ අරමුණින් සිදුකරනු ලබන අතර, notification වලට නිතර ප්‍රතිචාර දක්වන පරිශීලකයින්ට මෙම වෙනස්කම් බලපාන්නේ නැහැ. ​

මෙම විශේෂාංගය තවමත් සීමිත පරිශීලකයින්ට පමණක් ලබාදී ඇති අතර, මෙහි සියලුම පරිශීලකයන්ට ලැබෙන දවසක් තවමත් නිවේදනය කර නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...