Home Reviews Ryzen 3 1300X unboxing එක
Reviews

Ryzen 3 1300X unboxing එක

Share
Share

ලංකාවෙ පළවෙනි Ryzen unboxing එකයි මේ. RYZEN CPU Line up එකේ එන සාමාන්‍ය Processor අතරෙ X කියල සදහන් කරන්නෙ ඒ කාණඩයෙ අනික් CPU වලට වඩා Base සහ Turbo clock එක ටිකක් වැඩි CPU වලට. මේ තියෙන්නෙ RYZEN 3 කාණ්ඩයෙ 1300X CPU එක.

Unboxing Package එක

මේකෙ තියෙන දේවල් වෙන්නෙ

  • AMD RYZEN 1300X CPU එක
  • Wraith Stealth Cooler එක
  • RYZEN Sticker එකක්
  • CPU Leaflet එකක්

Ryzen 1300X CPU එකේ Specification වෙන්නෙ

Cores4
Threads4
Base Clock3.5GHz
Turbo Core Speed3.7GHz
L3 Cache8MB
UnlockedYes
SocketAM4
TDP65W

RYZEN CPU line up එක කොටස් (segment) 3කට වෙන් කරල තියෙනව.

ModelCores / Threads
RYZEN 34/4
RYZEN 54/8 - 6/12
RYZEN 78/16

මෙතනට RYZEN Threadripper දාල නැත්තෙ ඒක වෙනම Socket එකක් සහ මිලෙන් මේ CPU වලට වඩා සෑහෙන වැඩි නිසා.

Cooling Solution

ඉතින් දැනට රු 20,000 කට වගේ ගන්න පුලුවන් මේ Quad core CPU එක Multi core performance අතින් 7th Gen core i5 එකකට සමානයි. ඒ වගේම තමයි AMD RYZEN හැම Chip එකක්ම Overclock කරල එන්නෙ. මේ නිසා ඉතාම අඩු මුදලකට ඔයාලට Gaming වගේම 3D / Video editing වගේ professional වැඩ වලටත් මේ CPU එක කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.

ගොඩක් දෙනෙක් AMD කිව්වම කියන දෙයක් තමයි “අපෝ ඒ CPU රත් වෙනවනෙ” කියන එක. intel උනත් AMD උනත් CPU එකක් නම් වැඩ කරද්දි රත් වෙනව. හැබැයි 2002 – 2004 කාලයෙ ආපු AMD CPU වල Cooling එච්චර හොදට තිබුනෙ නැහැ. මේ නිසා තමයි මේ රත් වෙන කතාව ගැන තාමත් කට්ටිය කතා කරන්නෙ.

මේ ගැන ඔයාලගෙ අදහස් පහතින් කියන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply to Mohomad IrfanCancel reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...