Press ESC to close

අලුත් CPU එක්ක 2019 අරඹන intel

අපි හැමෝම දන්නව Intel 9th Generation Processors ගැන මේ වෙනකොට, ඒ මොකද 9 වෙනි පරම්පරාව මේ වෙනකොට ඉන්ටෙල් සමාගම එලිදක්වල ඉවරයි හැබයි ඔවුන් පසු ගියවසරෙ එලි දැක්වූයේ එයින් නිශ්පාදන කිහිපයක් පමනයි. ඒ 9th Generation Processors වල High End Processor  මාදිලි කිහිපය පමනයි ,ඒ

  1. Intel Core i9 9900K
  2. Intel Core i7 9700K
  3. Intel Core i5 9600K

යන Processor මාදිලි මේ වන විට වෙලදපොලට නිකුත් කර තිබෙනවා. එහෙත් ඉන්ටෙල් සමාගමේ පෙර Processor මාදිලියන් සදහා ඔවුන් විවිද නම් යොදාගත්තද මෙවර ඔවුන් තමන්ගෙ 9 වෙනි පරම්පරාව සදාහ යොදා තිබුනු නම ද ප්‍රසිද්දියට පත් කලෙ පසුවය.

Get Your Site Up with A2 Hosting

ඉන්ටෙල් සමාගම පසුගිය සතියෙ පැවති Intel CES 2019 Press Conference හිදී ඔවුන්ගෙ 9th Generation Processors මාදිලියෙ සම්පූර්න නිශ්පාදන පිලිබන්දව වෙළදපොල දැනුවත් කලා. ඒ  කියන්නෙ මෙම වසරේදී ඉන්ටෙල් සමාගම 9th Generation හි Full Range (with Non K Model) එකම එලි දැක්වීමට කටයුතු කලා.

මෙහිදී සදහන් කලයුුතු සුවිශේෂීම කරුණ තමයි intel ඉතිහාසයේ මෑතකදී පළමු වරට onboard Graphic නොමැති (Processor without Integrated Grated Graphic) මාදිලි කීපයක්ම මෙම 9 වෙනි පරම්පරාවට එකතු කර තිබීම, ඒ කියන්නෙ මෙතෙක් කල් ඉන්ටෙල් සමාගම විසින් එලි දැක්වූ නව පරම් පරාවන්ගෙ සියලුම Processors සදහා ඔන්බෝඩ් ග්‍රැපික් (On board Graphic ) තාක්ශනය ඇතුලත් කර තිබුනත් මෙවර ඔවුන් Processors මාදිලි වෙනස්ම ආකරයෙන් එලිදක්වා තිබෙනවා.

9 වෙනි පරම්පරාව නැත්තම් 9th Generation සදහා මාදිලියන් දෙකකින් නිශ්පාදන එලි දක්වා තිබෙනව ඒ වගේම කියන්න ඕන ඉන්ටෙල් සමාගමෙ මේ CPU නිශ්පාදන පෙල පෙර ඒවට වඩා වෙනස් වන්නෙ මෙහි හැම CPU එකක් සදහාම Normal සහ Turbo යන විශේශාංග ඇතුලත් කරල තියෙන එකයි.( i3 නොමැතිව අනෙක් සියළුම Model සදහා) මේක හොද ප්‍රවනතාවයක් විදිහට මම දකිනව මොකද එතකොට ඕනම කෙනෙක්ට පුලුවන් හැමවෙලාවෙම නොවුනත් අවශ්‍ය වෙලාවෙදි Overclock වෙන නිසා Multi Threaded Tasking වැඩ කරද්දි මේ පහසුකම නිසා වැඩ පහසු කරගන්න.

අලුතෙන් නිකුත් කල Processors මාදිලි කිහිපයේ විස්තර වෙන්නෙ

  1. Intel Core i9 9900KF
  2. Intel Core i7 9700KF
  3. Intel Core i5 9600KF
  4. Intel Core i5 9400
  5. Intel Core i5 9400F
  6. Intel Core i3 9350KF

මෙහි දක්වා තිබෙන KF සහ F මාදිලියන් සදහා On board Graphic Disable කර ඇති බව ඉන්ටෙල් සමාගම දක්වා තිබෙනව

ModelCores / ThreadsBase / Boost Integrated GraphicsMemory Support
Core i9-9900K8 / 163.6 / 5.0UHD 630DDR4-2666
Core i9-9900KF8 / 163.6 / 5.0NoDDR4-2666
Core i7-9700K8 / 83.6 / 4.9UHD 630DDR4-2666
Core i7-9700KF8 / 83.6 / 4.9NoDDR4-2666
Core i5-9600K6 / 63.7 / 4.6UHD 630DDR4-2666
Core i5-9600KF6 / 63.7 / 4.6NoDDR4-2666
Core i5-94006 / 62.9 / 4.1UHD 630DDR4-2666
Core i5-9400F6 / 62.9 / 4.1NoDDR4-2666
Core i3-9350KF4 / 44.0 / 4.6NoDR4-2400
Core i3-8100F4 / 43.6 / -NoDR4-2400

මේ 9 වෙනි පරම්පරාව තමන්ගෙ Cofeelake තාක්ෂණය මතම නිෂ්පාදනය කරපු intel සමාගම මේ සමගම 2019 අවසාන වෙද්දි තමන් නිකුත් කරන්න යන ICE Lake CPU එක ගැනත් Demo එකක් දුන්න. එහෙත් යම් යම් මතබේදාත්මක කරුනුද නැතුවම නොවෙ මොකද ඉන්ටෙල් සමාගම යනු Processor නිශ්පාදනය අතින් ඉහලටම ගිය සමාගමක් හැටියට ඔවුන් නව තාක්ශනය සෑම විටම තමන්ගෙ නිශ්පාදනයන් සදහා ඇතුලත් කර එලි දැක්වීම අපට සෑම අවස්තාවකදිම දැකගන්න පුලුවන් වෙලා තියෙනව , එහෙත් ඉන්ටෙල් සමාගම දැනට නිශ්පාදනය කරන Processors Technology එක 2017දි හදුන්වා දුන්න 10nm lithography තාක්ෂණය වුවත්, AMD සමාගම මින් ඉදිරියට එමින් 2018 සිට ඔවුන් නිශ්පාදනය කරන සහ කිරීමට නියමිත Processors මාදිලි සදහා බාවිතා කරන්නෙ 7nm තාක්ශනය වීමයි. මෙයට උදාහරනයක් විදිහට AMD සමාගමේ Radeon 7 Graphic Card Chip එක සදාහද මෙම තාක්ශනය යොදා ගත් බවත් ඉදිරියේදී එලි දැක්වීමට නියමිත Ryzen 3rd Gen CPU සදහාද මෙය යොදා ගන්න බව ඔවුන් පසුගියදා ප්‍රකාශ කලා.

හැබැයි මගේ මතය නම් ඉන්ටෙල් සමාගම මොන දේ උනත් AMD සමාගමට 2nd වෙන්නෙ නම් නැති බව ඒකාන්තයෙන්ම දන්නව. ඒ මොකද මේ වෙනකන් වෙලදපොලේ පෙරලියක් කරගෙන වෙලදපොලෙ වැඩිම ඉල්ලුමක් සහිත Processor සමාගම විදිහට ඔවුන් හදාගත්තු නම ලේසියෙන් පහහලට යාමට නම් ඉඩ දෙන්නෙ නැති වේවි. මේ සදාහත් ඔවුන් සතුව උපායමාර්ගයක් අනිවාරෙන්ම ඇති. ඒක බලන්න නම් මේ වසරත් ඉවර වෙනකන්ම ඉන්න වෙනව.

( nm යනු නැනෝමීටර් වේ මේ 7 සහ 10 පිලිබන්දව ඔබට වැඩි දුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අදහසක් දක්වන්න මා එ පිලිබදව වෙනම ලිපියක් අරගෙන එන්නම්. අනාගතයේ දී නැනෝමීටර් 5 මයික්‍රෝ ප්‍රොසෙසර් ද නිපද වීමට සමාගම් දැනටමත් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙනව.)

ප.ලි. වැරදි සහ අඩු පාඩු මගෙ ලිපි වල තියෙනවා නම් කමෙන්ට් එකක් දාල කියන්න ඒක ලොකු උදව්වක් වේවි ඒ වගේම මීට වඩා යමක් දන්නවා නම් ඒකත් අපිත් එක්ක බෙදාගන්න PCGUIDE.lk එක්ක එකතු වෙන්න කියල ඉල්ලනව.

Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Comments (3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *