Home Tech News Internet එදිනෙදා අපට වැදගත් වන වෙබ් අඩවි – 2 වන කොටස
InternetTech Newswebsites

එදිනෙදා අපට වැදගත් වන වෙබ් අඩවි – 2 වන කොටස

Share
blank
Share

මේ එදිනෙදා අපට වැදගත් වන වෙබ් අඩවි ලිපියේ දෙවෙනි කොටසයි. පලමු ලිපිය මෙතනින් link

  1. රහසිගතව ටොරන්ට් මගින් ෆයිල් ඩවුන්ලෝඩ් කලහැකි Torrent Privacy

මෙම වෙබ් අඩවියෙන් ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කරනවිට එය කරන්නෙ කුමන පරිගණකයෙන්ද, කුමන එකවුන්ට් එකක් ඇති අයෙක්ද යන්න පිලිබදව විස්තර දැකගන්න ලැබෙන්නෙ නැහැ. ඒවගේම බ්ලොක් කර ඇති ඕනෑම ටොරන්ට් අඩවියකට පිවිසෙන්නත් මෙය යොදාගන්න පුලුවන්.

2. විවිධ වර්ගයේ ගැලීම් සටහන් සකසා ගතහැකි Gliffy

විවිධ වර්ගයේ ගැලීම් සටහන් හෙවත් ෆ්ලෝ චාට් මෙම වෙබ් අඩවිය මගින් නිර්මානය කරගන්න පුලුවන්. මෙයට දත්ත අප්ලෝඩ් කර තමන්ට අවශ්‍ය ගැලීම් සටහන් මෙමගින් නිර්මානය කරගන්න පුලුවන්.

3. කටහඩින් කියනදේ ටයිප් කරදෙන Dictation

පරිගණකයේ හෝ දුරකතනයේ මයික්‍රොෆෝනය මගින් කියන දේ ටයිප් කරදෙන්න මෙම සේවය මගින් සපයන ටූල්ස් යොදාගන්න පුලුවන්. මෙයට විධාන ලබාදී ඒ ඔස්සෙ ටයිප් කරගැනීමේ හැකියාවත් පවතිනව.

4. අපගේ විදුලිබිල ගණනය කරගැනීමට ඉඩ ලබා දෙන සේවය

අපගෙ නිවසේ පරිබෝජනය කරන විදුලි ඒකක ගණන මෙම වෙබ් අඩවියට ඇතුලත් කර එයට අදාල විදුලි ගාස්තුව දැනගැනීමේ හැකියාව ලැබෙනව.

5. ඔන්ලයින් ක්‍රමයට වයිරස් ස්කෑන් කර දෙන pandasecurity සේවය

මෙම වෙබ් අඩවියෙන් තමන්ගෙ පරිගණකයෙ මැල්වෙයා තිබේද යන්න ස්කෑන් කර දැනගන්න පුලුවන්. ඒවගේම මෙම සේවය නොමිලේ බාවිතා කරන්න පුලුවන්.

6. වීඩියො එඩිට් කරගැනීමට බාවිතා කලහැකි Flixier

මෙම වෙබ් අඩවියට පිවිස ඕනෑම අයෙකුට තමන්ගේ වීඩියෝවක් අප්ලෝඩ් කර එය එඩිට් කරගැනීමේ හැකියාව තිබෙනව. ඒ සදහා මෙහි විශාල ටූල්ස් ප්‍රමානයක් ලබාදෙනව. මෙමගින් social media platforms වලට යොදන වීඩියො වුනත් නිර්මානය කරගැනීමේ හැකියාව තිබෙනව.

7. පහසුවෙන් නිවාස සැලසුම් ඇදිය හැකි Floorplanner

ද්විමාන මෙන්ම ත්‍රිමාන නිවාස සැලසුම් ඇද ගැනීමට මෙම වෙබ් අඩවියෙන් ඉඩ ලබාදෙයි. වෙබ් අඩවියට පිවිසි විට ලැබෙන ඇප්ලිකේශන් වින්ඩෝවෙන් සපයන ටූල්ස් මගින් පහසුවෙන් නිවාස සැලසුම් ඇද ගැනීම පහසුවෙන් කරන්න පුලුවන්.

8. පහසුවෙන් ෆයිල් කන්වර්ට් කරදෙන CloudConvert

මෙම වෙබ් අඩවියෙන් audio, video, document, ebook, archive, image, spreadsheet, සහ presentation වැනි විවිධ ෆයිල් වෙනත් ඕනෑම ෆයිල් ෆෝමැට් එකකට කන්වර්ට් කරගැනීමට ඉඩ ලබාදෙනව. මෙම සේවය සම්පූර්නයෙන්ම නොමිලේ බාවිතා කරන්න පුලුවන්.

9. ඉමේජ් බැක්ග්‍රවුන්ඩ් ඉවත් කරදෙන Adobe Express

මෙම වෙබ් අඩවියට අවශ්‍ය ඡායාරූපය අප්ලෝඩ් කර එහි සම්පූර්න පසුබිම ඉවත් කරගන්න පුලුවන්. මෙමගින් සපයන වෙනත් පසුබිමක් වුනත් එක්කර ගැනීමට මෙම වෙබ් අඩවියෙන් පහසුකම් සපයනව.

10. තමාගේ ෆොටෝ රැස් කොට වෙබ් අඩවියක් තනාදෙන SmugMug

මෙය යම් අවස්තාවකදී ගන්නා ඡායාරූප සියල්ලම එන අවස්තාව ගැන විස්තරයක්ද සහිතව වෙබ් අඩවියක් සේ රැස් කොට දෙන වෙබ් සේවයක්. මෙම සේවයෙන් තනා දෙන වෙබ් පිටු ශෙයා කිරීමේ පහසුකම ලබාදෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...