Robomart කියන්නේ delivery රොබෝ යන්ත්‍ර නිර්මානය කරන සමාගමක්. දැන් ඔවුන් තම delivery robots system එක upgrade කරලා, අලුත්ම model එකක් හදුන්වාදීල තියෙනවා. මේකේ හොදම දේ තමයි මේ විදියට කරන delivery වලට පරිශීලකයන්ට ගෙවන්න තියෙන්නෙ $3ක් වගේ අඩු මුදලක්. මේකෙන් Robomart සමාගම DoorDash, Uber Eats වගේ විශාල සමාගම් වලට ගොඩක් ලොකු අභියෝගයක් වෙලා තියනවා.
මේ අලුත් robo යන්ත්‍රය design කරලා තියෙන්නේ නිර්වද්‍යතාව ගැන සැලකිලිමත් වෙලා. පරිශීලකයන්ට groceries, snacks හෝ daily essentials වගේ දේවල් app එකෙන් order කරන්න පුළුවන්. ඊටපස්සෙ delivery රොබෝ යන්ත්‍රයක් හරහා ඒ පැකේජ ඔයාගේ ගෙදරටම එනවා. මේ Robomart සමාගම කියන්නේ ඔවුන් වැඩකරන්නෙ “store comes to you” කියන concept එක අනුව කියලයි. සාමාන්‍ය delivery apps වල driver cut, delivery charges, tips වගේ අමතර වියදන් නැතිව, $3 මුදලකට ඩිලිවරි කරනවා කියන්නෙ ඒක ඉතා ලාබදායී ක්‍රමයක් වෙනවා.
මෙම පියවරෙන් Robomart සමාගම කෙලින්ම අභියෝග කරල තියෙන්නෙ DoorDash, Uber Eats වගේ සමාගම් වලට. ඒවගේ services වල fees, delivery costs ගොඩක් වැඩි වෙලා නිසා පරිශීලකයන්ට සාධාරන මුදලකට කරන මේ ඩිලිවරි සර්විස් එක ඉක්මනින් ජනප්‍රිය වේවි.
එත් එක ප්‍රදාන අභියෝගයක් තිබෙනවා. Robomart robots නිර්මානය කරන්න විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒවගේම පරිශීලකයන් විසින් මේ concept එක දිනපතා බාවිතා කරන එක තමයි දීර්ඝ කාලීනව මේ සර්විස් එකෙ සාර්තකත්වයේ රහස වෙන්නෙ. මේ $3 delivery robot service එක consumer friendly විසදුමක්. හැබැයි DoorDash, Uber Eats වගේ වසර ගණනාවක් industry එක ඉහලින් සිටින සමාගම් වලට ඇත්තමට මේක අභියෝගයක් වෙයිද කියන එක තවමත් දැනගන්න ලැබෙන්නෙ නැහැ.














Leave a comment