Home Tech News ඕනෙ දෙයක් $3ට delivery කරන Robomart
Tech News

ඕනෙ දෙයක් $3ට delivery කරන Robomart

Share
blank
Share

Robomart කියන්නේ delivery රොබෝ යන්ත්‍ර නිර්මානය කරන සමාගමක්. දැන් ඔවුන් තම delivery robots system එක upgrade කරලා, අලුත්ම model එකක් හදුන්වාදීල තියෙනවා. මේකේ හොදම දේ  තමයි මේ විදියට කරන delivery වලට පරිශීලකයන්ට ගෙවන්න තියෙන්නෙ $3ක් වගේ අඩු මුදලක්. මේකෙන් Robomart සමාගම DoorDash, Uber Eats වගේ විශාල සමාගම් වලට ගොඩක් ලොකු අභියෝගයක් වෙලා තියනවා.

මේ අලුත් robo යන්ත්‍රය design කරලා තියෙන්නේ නිර්වද්‍යතාව ගැන සැලකිලිමත් වෙලා. පරිශීලකයන්ට groceries, snacks හෝ daily essentials වගේ දේවල් app එකෙන් order කරන්න පුළුවන්. ඊටපස්සෙ delivery රොබෝ යන්ත්‍රයක් හරහා ඒ පැකේජ ඔයාගේ ගෙදරටම එනවා. මේ Robomart සමාගම කියන්නේ ඔවුන් වැඩකරන්නෙ “store comes to you” කියන concept එක අනුව කියලයි. සාමාන්‍ය delivery apps වල driver cut, delivery charges, tips වගේ අමතර වියදන් නැතිව, $3 මුදලකට ඩිලිවරි කරනවා කියන්නෙ ඒක ඉතා ලාබදායී ක්‍රමයක් වෙනවා.

මෙම පියවරෙන් Robomart සමාගම කෙලින්ම අභියෝග කරල තියෙන්නෙ DoorDash, Uber Eats වගේ සමාගම් වලට. ඒවගේ services වල fees, delivery costs ගොඩක් වැඩි වෙලා නිසා පරිශීලකයන්ට සාධාරන මුදලකට කරන මේ ඩිලිවරි සර්විස් එක ඉක්මනින් ජනප්‍රිය වේවි.

එත් එක ප්‍රදාන අභියෝගයක් තිබෙනවා. Robomart robots නිර්මානය කරන්න විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒවගේම පරිශීලකයන් විසින් මේ concept එක දිනපතා බාවිතා කරන එක තමයි දීර්ඝ කාලීනව මේ සර්විස් එකෙ සාර්තකත්වයේ රහස වෙන්නෙ. මේ $3 delivery robot service එක consumer friendly විසදුමක්. හැබැයි DoorDash, Uber Eats වගේ වසර ගණනාවක් industry එක ඉහලින් සිටින සමාගම් වලට ඇත්තමට මේක අභියෝගයක් වෙයිද කියන එක තවමත් දැනගන්න ලැබෙන්නෙ නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...