Home Tech News Explained පරිගණක ඉඩෙන් කොටසක් විද්‍යා ව්‍යාපෘතියකට දියහැකි ක්‍රමයක්
ExplainedTech News

පරිගණක ඉඩෙන් කොටසක් විද්‍යා ව්‍යාපෘතියකට දියහැකි ක්‍රමයක්

Share
blank
Share

අද ලෝකයේ තැන තැන ඩෙස්ක්ටොප් පරිගණක කෝටි 250 කට කිට්ටු ගණනක් තිබෙනව. වසරක් පාසා එය කෝටි 40කින් පමණ වැඩි වෙනව. මේ පරිගණක වලින් වැඩ කරමින් ඉන්නා අයගෙන් වැඩි දෙනෙක් තමන්ගේ පරිගණකයේ උපරිම ධාරිතාවෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. හැම වේලාවේම පරිගණකයේ ඉතිරි ධාරිතාවක් තිබෙනව.

මෙසේ ලෝකයේ තිබෙන පරිගණකවලින් ඉතිරිවන ධාරිතා සියල්ල එක් කර අලුත් ජාලයක් තනන්නට පුළුවන් නම් ඒ පරිගණක ජාලයේ ධාරිතාව, සුපිරි පරිගණක ගණනාවක් ඉක්මවා යන තරමට දැවැන්තයි. ඇමෙරිකාවේ සියැට්ල් නුවර පිහිටුවා තිබෙන Institute of Systems Biology ආයතනය මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. එය හඳුන්වන්නේ WCG World Community Grid කියායි.

ලොව පුරා රටවල් 80 ක තිබෙන පරිගණක විසිහය ලක්ෂ පනස් දහසකින් පමණ ඉතිරි වෙන ධාරිතාව යොදා ගෙන මෙම කොම්පියුටර් ග්‍රිඩ් එක හෙවත් පරිගණක එකමුතුව තනා තිබෙනව. ඒ සඳහා තාක්ෂණ දායකත්වය සපයන්නේ අයිබීඑම් (IBM) සමාගමයි.

මෙමඟින් ලෝකයාගෙ සුබසිද්ධියට හේතු වෙන පර්යේෂණ ව්‍යාපෘති 22ක් මෙහෙයවනව. ඒ අතර කොවිඩ් -19 වෛරසයට එරෙහි එන්නතක් සැකසීම වෙනුවෙන් වැඩ කරන ලද ව්‍යාප්ෘතියක්ද තිබුන. විවිධ රටවල සිටින වෘත්තිකයෝ 650 000 ක් පමණ දෙනා මෙම ව්‍යාපෘති සමඟ ස්වෙච්ඡාවෙන්ම සම්බන්ධවී සිටිනව.

දැනට සම්පූර්ණ කර ඇති වැඩ කොටස ගැන සිතුවොත්, පරිගණක එකමුතුව නැතිව එම වැඩ කොටස සම්පූර්ණ කරන්නට ගියේ නම් මේ පිරිසට ඒ සඳහා අවුරුදු අට ලක්ෂ හැත්තෑ දහසක් පමණ ගත වෙනව.

විවිධ ප්‍රෝටීන වර්ගවල සැකැස්ම තීරණය කර එහි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතිය, මෙම පර්යේෂණ ව්‍යාපෘති අතරින් ප්‍රධාන එකක්. මෙසේ අධ්‍යයනය කරනු ලබන්නේ ඩෙංගු, මැලේරියාව, ඒඩ්ස්, පිළිකා යනාදි රෝග සඳහා පිළියම් ලෙස යොදා ගත හැකි ප්‍රෝටීන වර්ග ඒ අතර තිබේද කියායි. එවැන්නක් සොයාගත්තේ නම් එය මෙවැනි රෝගයකට නිශ්චිතම ඖෂධයක් වෙනු ඇති.

සාමාන්‍ය ක්‍රමයට මෙසේ ප්‍රෝටීනයක ගුණ විමසීම බොහෝ කල් යන වැඩක්. සමහර විට පර්යේෂකයෙකුගේ ජීවිත කාලයම ඒ සඳහා වැය වෙනු ඇති. ඒද දැන් තිබෙන සාමාන්‍ය පරිගණක මෙවලම් යොදා ගනිමින් වැඩ කළොත්. එහෙත් මෙවැනි ග්‍රිඩ් එකකදී එය ඉතා පහසුයි. පරිගණක 4000 කින් ඉතිරිවන ධාරිතාව ප්‍රයෝජනයට ගෙන WCG ග්‍රිඩ් එක වසරක් තුළ මේ විෂයයෙහි කළ වැඩ කොටස කරන්නට සාමාන්‍ය විදියට නම් අවුරුදු 20 000ක් ගත වෙනව.

ගෙදර දොර පරිගණකයේ වැඩ කරමින් ඉන්නා ගමන්ම එය මානව සංහතියේ උන්නතිය වෙනුවෙන් යෙදවීමට මේ නිසා කාටත් අවස්ථාවක් ලැබෙනව. මෙතැනදී කළ යුත්තේ WCG ආයතනයෙන් ලබා දෙන මෘදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටෝල් කර ගැනීම පමණයි. එවිට මේ පරිගණකය WCG ග්‍රිඩ් එකට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙනව. ඒ ඉතා සුරක්ෂිත ක්‍රමයකටයි. මෙනිසා තම පරිගණකයට ආරක්ෂාව අතින් බියවීමට කාරණයක් නැහැ.

මෙම ව්‍යාපෘතියට තම පරිගණකය දායක කළාට එහි කටයුතු වෙනුවෙන් තම පරිගණකය යොදා ගන්නා බව පරිගණක පරිශීලකයාට කොහෙත්ම දැනෙන්නේ නැහැ. පරිගණකය මන්දගාමීවීමක් හෝ වෙනත් කිසි අකර්මන්‍යවීමක් හෝ නැහැ. ඉල්ලා සිටීම්, විශේෂ සැකසීම් නැහැ. කිසි වියදමක් යන්නේද නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...