YouTube creators ලාටත් දැන් හොඳ news එකක් තියෙනවා! YouTube තමන්ගේ Creator Studio update කරමින්, ගොඩක් නව tools එලිදක්වලා තියෙනවා. මේ update එකේ ප්‍රධාන අරමුන තමයි creators ලාට content manage කරන එක පහසු කිරීම.
ඉස්සරහට එන ප්‍රධාන විශේෂාංගය තමයි likeness detection කියන්නෙ. මේකෙන් creatorsට පුළුවන් වෙනවා තමන්ගේ නම හෝ image එක වෙන අය බලනවද කියලා හඳුනාගන්න. ඉතින් ඔය fake channels හෝ unauthorized content issue එකට මේක විසදුමක් වෙයි කියලා හිතනවා.
ඉතුරු විශේෂාංග වලින් හොදම එක තමයි lip-synced dubs. මේකෙන් creatorsට videos වෙනත් භාෂාවලට auto-dub කරන්න පුළුවන්, ඒකත් AI-powered lip sync එක්ක.
ඒවට අමතරව, YouTube creatorsලට collaboration tools හදුන්වාදීලා තියනවා. මේකෙන් වෙන creatorsල එක්ක Collab projects කරන්න ලේසියෙන් පුළුවන්.
මේ update එකෙන් පැහැදිලිවම පේනවා YouTube වලින් creator-friendly කරන්න වැඩි අවදානයක් දීලා තියනවා කියලා. දැන් creators ලාට තමන්ගේ එකවුන්ට් ආරක්ශා කර ගන්න කරන්න, ලෝකෙම ඉන්න පරිශීලකයන්ට ලගාවෙන්න, එකිනෙකා එක්ක වැඩ කරන්න මේ අප්ඩේට් එකෙන් හැකිවෙනවා.














Leave a comment