Home Tech News පණිවිඩ වලට රිප්ලයි කරන්න මතක් කරන WhatsApp
Tech News

පණිවිඩ වලට රිප්ලයි කරන්න මතක් කරන WhatsApp

Share
blank
Share

ඔයාලට WhatsApp use කරනකොට, සමහරවිට කෙනෙක්ගෙන් important message එකක් ලැබෙනවා, ඒත් ඒකට reply කරන්න හිතුවත් එය මතක නැතුව යනවා නේද?  දැන් ඔයාගේ ඒ ගැටලුවට හොඳම විසඳුමක් WhatsApp වෙතින් අරගෙන එන්න සූදානම්. ඒ තමයි chat notification reminder එක.

මේ කියන්නේ, ඔයාට ලැබෙන message එකක් පසුව reply කරන්න කියලා හිතෙන විට යොදාගන්න පුලුවන්, ඒකට reminder එකක් set කරගන්න system එකක්. මෙතෙක් WhatsApp එකේ message එකක් mark කරගන්න “star” එකක් තිබුණත්, ඒක direct notification එකක් මගින් ලබාදුන්නෙ නැහැ. නව feature එකෙන්, message එකක් long-press කරාම “Remind me” කියන option එකක් දැන් දැක්වෙනවා.

ඔයාලට reminder එක set කරන්න පුළුවන්  15 minutes, 2 hour, 8 hours වගේ preset times වලින් හෝ custom time එකක් දාලා. ඒ අනුව, ඒ වේලාවෙදි ඔයාට phone එකෙන් notification එකක් එනවා. මේක calendar reminder එකක් වගේ, හැබැයි message එකකටම සම්බන්ධ වෙලා තියෙන්නෙ.

මේ feature එක දැන් Android beta version 2.25.11.14 වලදි අත්හදා බලනවා. ඒ කියන්නේ, මේ වගේ අලුත්ම features use කරන්න නම් ඔයා beta tester කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම්, ටික දවසක් ඉඳලා official update එක rollout වෙනකන් බලා සිටින්න වෙනවා. iPhone පරිශීලකයන්ට නම් මේක තවම ලැබිල නැහැ.

ඔයාලට මේ reminder එක useful වෙයි කියලා හිතෙන්න පුළුවන් ගොඩක් අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට, වැඩ කරනකොට group message එකක් ලැබුනොත්, ඒකට වැඩේ ඉවරවෙලාම reply කරන්න හිතනකොට reminder එකක් දාගන්න පුළුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...