Home Tech News Explained Mood එක පෙන්වන Tech Tattoo
ExplainedHardwareTech News

Mood එක පෙන්වන Tech Tattoo

Share
blank
Share

විලාසිතාවක් වශයෙන් සමමත තාවකාලික පච්ච රටා අලවන්නාක් සේ ඇලවිය හැකි පරිපථයක්, ඇමෙරිකානු සමාගමක් විසින් සාර්ථකව අත්හදා බලා තිබෙනව. මෙසේ ඇමෙරිකාවේ ටෙක්සාස්හි කේඔටික් මූන් නම් සමාගම විසින් නිමවා ඇත්තේ, අපගේ සිරුරේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ දත්ත උකහා ගෙන සම්ප්‍රේෂණය කළ හැකි විදුලි පරිපථයක්.

එය සම්පූර්ණ වශයෙන් ගත් විට සිරුරේ පැළැඳිය හැකි ජීව විද්‍යාත්මක උපාංගයක් හෙවත් බයෝ වෙයාරබ්ල් (bio wearable) එකක්. මෙය සකසා ඇත්තේ විදුලිය වැඩියෙන් ගමන් කරන හෙවත් සන්නායක තීන්ත වර්ගයකින්. එනිසා පරිපථය ඔස්සේ විදුලි ධාරා ගමන් කොට, තනි උපාංගයක් සේ ක්‍රියාත්මක වෙනව.

සිරුරේ ඩහදිය විශ්ලේෂණය කරන මෙම පරිපථය, රුධිර ගමනාගමනයේ ස්වරූපය මෙන්ම හෘද ස්පන්දනයද මනිනු ලබනව. එම තොරතුරු නිසි පිළිවෙළකට රැස්කොට සකසා ගන්නා දත්ත සමූහයක් ස්මාට්ෆෝන් වෙත අප්ලෝඩ් කරයි. ඒ බ්ලූටූත් තාක්ෂණය ඔස්සේය. ස්මාෆෝන් එකෙහි ඉන්ස්ටෝල් කොට තිබෙන ඇප් එකකින් මෙම දත්ත විශ්ලේෂණය කර ප්‍රතිඵල පෙන්වනව. ඒ අනුව යම් තැනැත්තෙක් මානසික ආතතියකට ලක්ව සිටින්නේද යන්න එමගින් දන්වනව. ඕනෑවට වඩා වෙහෙසට පත්ව සිටී නම් ඒ බව දන්වනව. විජලනයට පත්ව සිටී නම් එය දන්වනව. ඒ මතු නොව, කිසියම්ම හෝ ශාරීරික අයෝග්‍යතාවයකින් පෙළෙන්නේ නම් ඒ වගද දන්වයි.

මේ නිසා සාමාන්‍ය අයට මෙන්ම, විශේෂ රාජකාරිවල යෙදෙන හමුදා සෙබළු, ගුවන් නියමුවන් යනාදී යහපත් සිහියෙන් නිතරම සිටිය යුතු අයගේ සෞඛ්‍ය සම්පන්නබව මෙන්ම ශරීර යෝග්‍යතාව එසැණෙන් මැන බලන්නට මෙම පැලැස්තරය යොදා ගන්නට පුළුවන්.

සෞඛ්‍ය සම්පන්නකම මැනීම හැරුණු විට, යමෙක් දැන් ඉන්නා තැන සොයා ගැනීමටත් මෙම පරිපථ යොදා ගන්නට පුළුවන්. ජීවත්වෙන පරිසරයේ වායු දූෂණයවී ඇත්නම් එය මැන ගැනීමට පමණක් නොව යම් තැනක පුපුරන ද්‍රව්‍ය හෝ මාරාන්තික වස විස හෝ තිබේදැයි දැන ගන්නටත් මෙම ජීව විද්‍යාත්මක පැලැස්තරය භාවිතා කළ හැක.

සිරුරේ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරිත්වය මැන බලනු පිණිස විවිධ විද්‍යුත් උපකරණ සිරුර හා සම්බන්ධ කිරීම දැන් කෙරෙනව. සැත්කම් මඟින් රේඩියෝ සන්නිවේදන හැකියාව ඇති ටැග් (RFID) සිරුරේ පැළැඳීමට දැන් අවසර තිබෙනව. එමඟින් සිරුරේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ දත්ත සම්ප්‍රේෂණය කරනවාට වඩා කරන්නේ, යම් විධානයක් දිය හැකි උපකරණයක් වශයෙන් යොදා ගැනීමයි. ඇමෙරිකාවේ ග්‍රයින්ඩ් හවුස් වෙෆ්ට්වෙයා නම් සමාගමක් තිබෙයි. ඉන් නිපදවන රේඩියෝ ටැග් සිරුරේ පළඳාගත් විට, ඒ තැනැත්තාගේ නි-වසේ දොරගුළු ඉබේම විවෘත වෙනව. වාහනයට ඇතුළු වෙන විට එය පණ ගැන්වෙනව. ඒ සියලු වැඩවලට අදාළ විධානය දෙන්නේ සිරුරේ රඳවා ඇති රේඩියෝ ටැග් එකෙනි.

එහෙත් කේඔටික් මූන් සමාගමේ අරමුණ මීට වෙනස්. ඔවුන් ඉදිරිපත් කරන්නේ යම් වේලාවක දී පමණක් සිරුර මත මුද්‍රණය කර ගත හැකි පරිපථයක්. එනම් මෙම පච්ච පැලැස්තරය තාවකාලික එකකි. සම මත ස්ටිකරයක් සේ ඇලවිය හැකිවාක් මෙන් ම සෝදා දමන්නටද පුළුවන.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...