Home Tech News Graphics 2020ට සූදානම් වන Nvidia Ampere Graphic cards
GraphicsTech News

2020ට සූදානම් වන Nvidia Ampere Graphic cards

Share
blank
Share

nvidia සමාගම තමන්ගෙ 2020 වසරේ නිෂ්පාදන සදහා සූදානම් වෙනව කියල ආරංචි වෙනව. 7nm තාක්ෂණය යටතේ Ampere Architecture එක සමග 2020 මාර්තුවලදි එලිදක්න්න නියමිත මේ නව Graphic Card එක RTX 3080 වෙන්න පුළුවන්.

ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙන හැටියට nvidia සමාගමේ CEO & Co Founder වෙන Jensen Huangට නම් මේ නව Ampere Graphic cards දැන්ම වෙළදපලට නිකුත් කරන අදහසක් නැහැ. මේකට ප්‍රදාන හේතුව මේ වනකොටත් Turin Architecture එක යටතේ නිකුත් කරල තියෙන RTX 2080 සහ RTX 2080Ti සදහා Radeon graphic Card යටතේ තරගකරුවෙක් නොමැති වීමයි.

කොහොම වෙතත් AMD සමාගම තමන්ගෙ Navi Lineup එකෙන් 2020දි nvidia RTX සදහා තර්ජනයක් එල්ල කරන බව ආරංචි වීමත් එක්කම Nvidia සමාගම තමන්ගෙ Ampere Graphic Cards 2020 පළමු කාර්තුවෙදීම නිකුත් කරන්න සූදානම් වෙලා.

දැනගන්න ලැබෙන විදිහට පළමුවෙන් RTX 3080 Card එකත් පසුව RTX 3080Ti සහ RTX 3070 Card එකත් වෙළදපොලට නිකුත් කරනු ඇති. ඉන් පස්සෙ RTX වල ජනප්‍රියත්වය අනුව 3060 සහ 3050 විදිහට Cards නිකුත් වීමක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...