Press ESC to close

මිලියන 750 ආසන්න Free games ලබාදුන් Epic game store

Epic games store මඟින් පසුගිය දිනක 2019 ට සාපේක්ෂව 2020 දී එහි වර්ධනය පෙන්නුම් කරන දත්ත කිහිපයක් නිකුත් කරනු ලැබීය.එම සංඛ්‍යාලේඛන වලට අනුව පෙනී යන්නේ Epic games store 2020 වසරේදී විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

එනම් මේ වනවිට Epic games store හි මිලියන 160 කට අධික පරිශීලකයන් සංඛ්‍යාවක් සිටින අතර එය 2019 වසරේදී මිලියන 108 ක් විය.දෛනික පරිශීලකයන් සංඛ්‍යාව 192% කින් එනම් මිලියන 31.3 ක් දක්වා ඉහළ ගොස් ඇත.එමෙන්ම 2019 වසරේදී මුලු ක්‍රීඩා කාලය පැය බිලියන 3.35 2020 වසරේදී බිලියන 5.70 දක්වා ඉහල ගොස් ඇත.එමෙන්ම 190 ක්ව පැවති games ගණන 2020 වසර අවසානයේදී 471 දක්වා වර්ධනය වී ඇත.

Get Your Site Up with A2 Hosting

එමෙන්ම Epic games store සඳහා ක්‍රීඩකයින් වියදම් කර ඇති මුදල ඩොලර් මිලියන 700 ඉක්මන අතර එයින් 37% එනම් ඩොලර් මිලියන 265 ක් third party games(Epic games මඟින් සංවර්ධන නොකරනු ලබන ක්‍රීඩා) මඟින් වීමද විශේෂත්වයකි.Fortnite වැනි අතිශය ජනප්‍රිය game වල එකම ප්‍රවර්ධකයා ලෙස කටයුතු කිරීමද Epic games store වෙත පරිශීලකයන් ගෙන්වා ගැනීමට බොහෝ උපකාරී වන්නට ඇත.  

Epic games store හි මෙම විශාල වර්ධනය ඔවුන් විසින් සතිපතා ලබාදෙන free games විශාල හේතුවක් බව කිව යුතුය.Epic games store මඟින් මේ වන විට විවිධ games 103 ක් ලබාදී ඇති අතර ඉන් මිලියන 749 කට අධික පිටපත් ප්‍රමාණයක් පරිශීලකයන් ලබාගෙන ඇත.සතුටට කරුණ නම් 2021 වර්ෂය සඳහාද ඔවුන් මෙලෙස සතිපතා නොමිලේ games ලබාදෙන බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමයි.

2021 වර්ෂයේදී ද Epic games store හි විශේෂාංග ගණනාවක්ම වැඩි දියුණු කිරීමට ඔවුන් සැලසුම් සකස්කර ඇති බව සඳහන් කර ඇති අතර පරිගණක ක්‍රිඩා සංවර්ධකයන්ට හා පරිශීලකයන්ට Epic games store මඟින් වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේ යැයි අපේක්ෂා කළ හැක.

Comments (1)

  • Pasindusays:

    April 21, 2021 at 11:29 am

    අයියෙ free fayar ගෙම් එක ලැප් එකෙ ගහන්න පුලුවන් softweya එකක් නැද්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *