Home Tech News Internet Google search සදහා තරගයක් දෙන Neeva
InternetTech News

Google search සදහා තරගයක් දෙන Neeva

Share
blank
Share

Neeva නමින් වෙළඳ දැන්වීම් සහ tracker රහිත සෙවුම් යන්ත්‍රයක් පසුගියදා එක්සත් රාජධානියේ, ප්‍රංශයේ සහ ජර්මනියේදී නිකුත් කරා. පසුගිය වසරේ දියත් කළ Neeva හට 600,000 පරිශීලකයින් ප්‍රමානයක් මේ වනවිට සිටිනව.

Google හි වසර 16ක් සේවය කළ සහ එහි දැන්වීම් ව්‍යාපාරය පවත්වාගෙන ගිය මෙහි නිර්මාතෘ වන Sridhar Ramaswamy BBC පුවත් වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තාක්‍ෂණ අංශය විසින් පරිශීලකයන්ගේ දත්ත සූරාකෑමක් සිදුකරන බවත්, ඔහුට තවදුරටත් එහි කොටසක් වීමට අවශ්‍ය නැති බවත්ය. දැනට Neeva ආයෝජකයින්ගෙන් ඩොලර් මිලියන 77.5 ක් (පවුම් මිලියන 68 ක්) රැස් කර ඇති බවට වාර්තා වෙනව.

මෙම සෙවුම් යන්ත්‍රය තුලින් free-to-use search පහසුකම පිරිනමන අතරම password-manager සේවාවක් VPN සේවාවක් monthly subscription ක්‍රමය ඔස්සෙ ලබාගන්න පුලුවන්. එක්සත් රාජධානිය තුල මේ සදහා මසකට පවුම් 5 ක් පමණ විය හැකි බව Sridhar Ramaswamy පවසා තිබෙනව.

සාම්ප්‍රදායික සෙවුම් යන්ත්‍ර දැන් වෙළඳ ප්‍රචාරණය සිදුකරන ප්‍රචාරකයන් බවට පත්වෙමින් පවතිනව. ගූගල් වැනි විශාල සමාගම් ඔවුන්ගේ කොටස් හිමියන්ට වැඩි ආදායමක් සහ ලාභයක් පෙන්වීමට බැඳී සිටින බැවින් වැඩි වශයෙන් දැන්වීම් ප්‍රචාරය කිරීමට කටයුතු කරනව.

Neeva තමන්ගේම ස්වාධීන සෙවුම් යන්ත්‍රයක් මගින් ඉහළ මට්ටමේ නිරවද්‍යතාවයකින් යුතු ප්‍රතිඵල ලබා දෙනව. ඒවගේම වෙබ් පිටු බිලියන ගණනක තොරතුරු ලබා ගන්නව. මීට අමතරව, Neeva විසින් ඊමේල්, Dropbox, Slack, Figma වැනි පුද්ගලික යෙදුම් සම්බන්ධ කිරීමට පරිශීලකයින්ට හැකියාව ලබා දෙන අතර ආරක්ශිතව වෙබ්පිටු අතර යාමට ඉඩ සලසා දෙනව.

දැන් මෙම Neeva සෙවුම් යන්ත්‍රය Chrome browser extension එකක් විදියට පරිගණක පරිශීලකයන්ට ලබාගන්න පුලුවන්. එසේම Android සහ iOS පරිශීලකයන්ට මෙහි mobile app එකත් ලබාගැනීමේ හැකියාව පවතිනව. මෙය https://neeva.com/ වෙතින් ලබාගන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...