Contact Information

WhatsApp Us

Call Of Duty: Modern Warfare 2 Review

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

පසුගිය වසරේ නිකුත් වූ Call of Duty Vanguard, Activision සමාගම බලාපොරොත්තු වූ තරම් පරිගණක ක්‍රීඩකයන් අතර ජනප්‍රිය උනෙ නෑ. මේ හේතුව නිසා Activision සමාගම CoD fanbase එක නැවත ලබාගැනීම මේ මස Modern Warfare 2 නිකුත් කිරීම මගින් බලාපොරොත්තු වෙනව. Activision මගින් නිකුත් කල පරිගණක ක්‍රීඩා අතරින් වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් සහ වැඩිම ක්‍රීඩා පැය ගනනක් ඇත්තෙ මෙම Modern Warfare series එකටයි.

MW2 නිකුත් කරන දිනය සහ මිල

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Call of Duty: Modern Warfare 2 ක්‍රීඩාව PS5, Xbox Series X|S, PS4, Xbox One සහ PC (Battle.net සහ Steam) සඳහා 2022 ඔක්තෝබර් 28 දින නිකුත් කරන බවයි වාර්තා වෙන්නෙ. මෙහි පෙර ඇණවුම් කරන පරිශීලකයන්ට ඔක්තෝබර් 20 වනදා සිට campaign mode එක ක්‍රීඩා කිරීමට ලැබෙනව. MW2 හි standard edition එක PC ඇතුළු අනික් platform සදහා $70 USD වන බවයි දැක්වෙන්නෙ.

MW2 Developer

මෙම MW2 හි ප්‍රධාන සංවර්ධකයන් වන්නෙ Infinity Ward ස්ටූඩියො එකයි. 2009 දී නිකුත් කල මුල් MW2 සහ මෑත කාලයේ නිකුත් කල (2019) Modern Warfare ඇතුළුව පෙර පැවති සියලුම Modern Warfare ක්‍රීඩා මෙම ස්ටුඩියො එක මගිනුයි සංවර්ධනය කලේ. ඒවගේම තවත් Activision ස්ටූඩියො කිහිපයක් සංවර්ධනයට දායකත්වය දී තිබෙනව: Activision Central Design, Activision Central Tech, Activision Localization Dublin, Activision ආදියයි.

MW2 Single-Player Campaign

2019දි නිකුත් කල Modern Warfare හි Task Force 141 සාමාජිකයන් ලෙස සිටි Captain John Price, Kyle “Gaz” Garrick, Simon “Ghost” Riley, Sergeant John “Soap” MacTavish සහ නව සාමාජිකයෙකු ලෙස කර්නල් Alejandro Vargas හදුන්වා දී තිබෙනව.

මෙහි campaign mode එක තුල ඇමරිකාව, යුරෝපය සහ ආසියාව තුල සිදුවන මෙහෙයුම් දක්නට ලැබෙනව. Task Force 141 සදහා දියත් කිරීමට ඇති මෙහෙයුම වන්නේ ත්‍රස්තවාදී ආක්‍රමණයක් නැවැත්වීමයි. Infinity Ward පවසන ආකාරයට දිය යට සටන්, ගුවන් ප්‍රහාර සහ රහසිගත මෙහෙයුම් ආදිය මෙහි අන්තර්ගත වෙනව. MW2 තුල පෙර පැවතියාට වඩා shadows, lighting සහ visual fidelity වැඩි දියුනු කර ඇත. ඒ වගේම AI හැසිරීම්ද වැඩිදියුනු කර ඇති අතර කන්ඩායමේ සාමාජිකයන් සැබෑ ක්‍රීඩකයන් ලෙස හැගෙන පරිදි නිර්මානය කර ඇති බව Infinity Ward තවදුරටත් පවසා තිබෙනව.

MW2 Multiplayer

Call of Duty: Modern Warfare 2 මගින් නැවතත් 6v6 තරග හදුන්වා දී තිබෙනව. ඒ TDM සහ Domination තරග ලෙසයි. ඒවගේම මෙවර කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක් කර ඇති බව Infinity Ward සමාගම පවසා තිබෙනව.

ප්‍රදානම වෙනස්කම වන්නෙ third-person playlist එකක් ඇතුලත් කිරීමයි. මෙතැන් පටන් first- සහ third-person playlists වෙන වෙනම පවතින බවයි සදහන් වෙන්නෙ. ඒවගේම ජලය මත පදනම් වූ සටන් වඩාත් වැඩිදියුනු කර වඩාත් තාත්වික කර ඇත. තවද loadout creator Gunsmith මගින් පෙරට වඩා වැඩියෙන් customization කරගැනීමට පුලුවන්.

MW2 Multiplayer මැප්ස්

MW2 හි multiplayer මැප්ස් වර්ග දෙකකින් දැකගන්න පුලුවන්. ඒ Core (6v6) සහ Battle royal ලෙසයි. ඉන් Core මැප්ස් ලෙස Breenbergh Hotel, Farm 18, Marina Bay Grand Prix, Mercado Las Almas, සහ Valderas Museum හදුන්වා දී තිබෙනව. ඒවගේම Battle royal මැප්ස් ලෙස Sa’id, Santa Seña, සහ Sariff Bay යන මැප් හදුන්වා දෙනව.

MW2 Multiplayer Modes

මැප්ස් වල සදහන් කල පරිදිම multiplayer modes ලෙස Core (6v6) සහ Battle royal තරග මෙන්ම Team Deathmatch සහ Domination තරග විධි දැකගන්න පුලුවන්. එසේම Infinity Ward විසින් නව ක්‍රීඩා ක්‍රම දෙකක් හදුන්වා දෙනව.

  • Prisoner Rescue: මෙහි ප්‍රහාරකයින්ට ප්‍රාණඇපකරුවෙකු බේරාගෙන රැගෙන යා යුතුය. එසේම ප්‍රාණඇපකරුවා ආරක්ශා කරන්නන් ප්‍රහාරකයන් මරා දැමිය යුතුය. මේ ආකාරයට කන්ඩායම් දෙකකට බෙදේ.
  • Knockout: මැප් එක මැද පැකේජයක් ඇත. එක් වටයක් ජයග්‍රහනය කිරීමට විනාඩියක් එය ආරක්ශා කල යුතුය. මෙය Infinity Ward හදුන්වා දී තිබෙන්නෙ ඉතාමත් වේගවත්, ඉතාමත් උපායශීලී තරග ක්‍රමයක් ලෙසයි.

මෙහි Battle Mode එක තුල Ground War (32v32) නමින් Domination තරගයක් හදුන්වා දී තිබෙනව. ඒ වගේම නවතම හදුන්වාදීමක් ලෙස විශාල පරිමාණයේ Team Deathmatch හදුන්වා දී තිබෙනව. එහි මිනිස් ක්‍රීඩයකයන් 20ක් සහ AI soldiers 20ක් තරග වදියි.

මීට අමතරව Special Ops සහ Raid Mode ලෙස තවත් තරග ක්‍රම දෙකක් හදුන්වා දී තිබෙනව.

MW2 Preorders සහ Special Editions

standard edition එකට අමතරව මෙවර Modern Warfare 2 මගින් Vault Edition නමින් නව සංස්කරණයක් හදුන්වා දී තිබෙනව. එය $100 මුදලක් වෙනව. එහි පහත සදහන් දේවල් අඩංගු වෙනව.

  • Red Team 141: multiplayer චරිත හතරක් එනම්, Ghost, Farah, Price, සහ Soap සමග Ghost-themed outfit එකකින් සමන්විතයි.
  • The FJX Cinder Weapon Vault
  • එක් සීසන් එකක් සදහා Battle Pass + 50 tier skips
  • නොමිලේ 20+ skins සහ 10 weapon blueprints

System Requirments

Call of Duty: Modern Warfare 2 play කිරීමට අවශ්‍ය minimum හා recommended requirements පහත සඳහන්ය.

SystemMinimumRecommended
CPUIntel Core i5-3570 or AMD Ryzen 5 1600XIntel Core i7-4770K or AMD Ryzen 7 1800X
GPUNVIDIA GeForce GTX 960 or AMD Radeon RX 470NVIDIA GeForce GTX 1060 or AMD Radeon RX 580
RAM8GB RAM16GB RAM
VRAM3GB6GB
Storage25GB25GB
OSWindows 10 – 64 Bit (latest update)Windows 10 – 64 Bit (latest update)

මේ අතර Warzone 2.0 update එක නොවැම්බර් 16 නිකුත් කරන බව Activision සමාගම නිවේදනය කර තිබෙනව.

Share:

1 Comment

  • Nuwan Anjana, October 24, 2022 @ 12:28 am Reply

    මම නම් ආසම Series ඒක…! Call of Duty 01 ඒකේ ඉදලා ඔක්කොම play කරා Modern Warfare 03 වලට ඒනකම්. හැබැයි, Moder Warfare 01 ඒකෙන් පස්සේ ආපුවා 01 ඒක තරම් හිතට දැනුනේ නෑ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *