අපි කවුරුත් දන්න SpaceX ආයතනය මේ වෙද්දි අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ තවත් වාර්තාවකට හිමිකම් කියන්නයි යන්නෙ. ඒ තමන්ගෙ වගේම එතෙක් මෙතෙක් ඉතිහාසයේ සාදපු ලොකුම Rocket එක මේ දවස් වල එයාල ප්‍රසිද්දියේ එකලස් කරගෙන යනවා. මේක නැවත නැවත ප්‍රයෝජනයට ගන්න පුලුවන් launch system එකක්. Raptor engines 29ක් තියන Super Heavy Booster එක උඩ තමා Raptor engines 6ක් තියන Starship එක තියෙන්නෙ. මේ දෙකේම එකතුව තමා ලෝකයේ ලොකුම රොකට් එක වෙන්නෙ.
මේ එකලස් කිරීම කරගෙන යන්නෙ ඇමරිකාවෙ Boca Chica, Texas වල තියන Starbase එකේ. මේක ලොකු project එකක් මොකද full Starship එකේ කොටස් දෙකම එකට එකතු කරන පලවෙනි අවස්ථාව තමා මේ. මේ එකලස් කිරීමෙන් පස්සෙ කරන test mission එකෙන් බොහෝ දුරට මේ රොකට් එක ප්ෘථිවි කක්ෂය වෙත ලඟා වේවි. මේ මුලු රොකට් එකේම උස 120m විතර වෙනවා. ඒ වගේම මේ Starship රොකට් එක ක්‍රියාත්මක උනාම නිපදවෙන බලය ප්‍රසිද්ද ඇපලෝ 11 රොකට් එක වගේ දෙගුණයක් පමණ වේවි.

එකලස් කිරීම ඒ විදිහට වුනත් රොකට් එක දියත් කිරීම කවද වෙනවද කියල දැනට හරි දිනයක් නෑ. මේ එකලස් කිරීම සහ නැවත ගැලවීම සිදු කරන්නෙ අවශ්‍ය testing සහ දත්ත එකතු කරගන්න කියල තමයි SpaceX සඳහන් කරන්නෙ. Elon Musk සඳහන් කරන්නෙ Starship පද්ධතිය සම්පූර්ණයෙන් develop කරාට පස්සෙ ඉතා පහසුවෙන් මිනිසුන් හඳට සහ අඟහරුවලට ගෙනියන්න මේකට පුලුවන් කියලයි.

NASA ආයතනය පවා SpaceX එකට කොන්ත්‍රාත්තු බාර දීල තියෙන්නෙ Starship upper-stage එකක් නිශ්පාදනය කරන්න. ඒ මේ දශකය තුල ක්‍රියාත්මක කරන්න නියමිත සඳෙහි දකුණු ධ්‍රැවයට අභ්‍යවකාශගාමීන් ගෙනියන මෙහෙයුම සඳහායි.
🤩
shaa niyama content eka . 👍🏻👍🏻