Contact Information

WhatsApp Us

Gigabyte RTX 4070 Ti Series එක

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

2023 ජනවාරි 5 වන දින Gigabyte සමාගම ඔවුන්ගේ නවතම Nvidia RTX 4070Ti GPU මාදිලි එලිදැක්වීම සිදුකලා. Nvidia Ada Lovelace Architecture එක යටතේ පණගැන්වෙන RTX 4070Ti GPU එක Gigabyte Aorus, Aorus Master, Aero, Eagle යන මාදිලි වලින් නිකුත් වෙනව. මේ හරහා Ultimate Performance අවශ්‍ය අය සදහා මෙන්ම සාපේක්ෂව මිළෙන් අඩු සාමාන්‍ය Features සහිත GPU ලෙස තමන්ට අවශ්‍ය විශේෂාංග සහිත GPU එකක් තෝරාගැනීමට හැකිවෙනව.

Gigabyte – Aorus Series

Gigabyte Aorus GPU Series එකේ නවතම WINDFORCE bionic shark fan භාවිතා වෙනව. මෙහි ඇති නව fan blade Design එක නිසා Fan එකෙන් ලබාදෙන Air pressure එක වෙනත් Fan වලට සාපේක්ෂව 30% කින් වැඩි කරන නිසා Fan එකේ ශබ්දය ඩෙසිබල් 3කින් අඩුකිරීමට හැකි වෙනව. මේ නිසා අඩු Fan Noise එකක් සමගින් වැඩි performance එකක් ලබාගැන්මට හැකිවෙනව.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේ සමගම Angular Fins සමග විශාල Heatsink එකක් සහ Vapor Chamber තාක්ෂණය සහිත Heat pipes කෙලින්ම GPU Block එකට සම්බන්ධ වන නිසා Aorus Graphics Card වලදී Top Notch performance සමග හොදම Cooling එකක් ලබාගන්න පුළුවන්.

Aorus GPU මාදිලි වලට අළුත් “RGB Halo” ලෙස ARGB Ring Lights ලබාදී තිබෙනව. මේ හරහා ඔබට අවශ්‍ය ආකාරයට GPU එක වර්ණවත් කල හැකි වෙනව. මෙයට අමතරව AORUS MASTER Graphics Cards වල LCD Edge View එක හරහා Text, images, gif Display කිරීමේ හැකියාව නිසා AORUS GPU එකට personal touch එකක් ලබාදෙන්න පුළුවන් වගේම ඔබගේ GPU – power – Temp – Fan RPM වගේ statistics පෙන්වීමේ හැකියාවත් තියෙන නිසා අවශ්‍ය ඕනෑම දෙයක් තෝරාගත හැකියි.

මෙම Design Features වලට අමතරව Gigabyte AORUS Graphics Card වලට aerospace-grade PCG Coating එකක් ලබාදෙන නිසා කල්පැවැත්ම වැඩි වෙනව. Aorus GPU වල ඇති Dual BIOS හරහා ඔබට අවශ්‍ය ලෙස Mode එක වෙනස් කල හැකියි. 12+3 power phase Design එක හරහා ලැබෙන Power control එක නිසා Aorus GPU වල අඩු temp එකක් සහ අඩු Fan Noise එකක් වගේම වැඩි කල්පැවැත්මක් තියෙනව.

Card එකේ සවිශක්තිය වැඩි කිරීමට යොදා ඇති Backplate එකට අමතරව Anti-Sag Bracket එක හරහා Card එකට බර නිසා ඇතිවිය හැකි PCB Bend එක නැවැත්වීමට මෙන්ම සිත්ගන්නා සුළු නිමාවක්ද ලබාදෙනව.

Gigabyte Series

Gigabyte Gaming OC Series එක Superior Performance සහ stability මෙන්ම AORUS series එකේ RGB Halo පහසුකම සමග Triple Ring Lights සමග ඉතාමත් ජනප්‍රිය GPU එකක් බවට පත්ව තිබෙනව. RGB Halo සමගින් ARGB Triple Ring Lights හරහා Gigabyte Gaming OC GPU එකක් සහිත ඕනෑම Build එකක් වර්ණවත් කල හැකිවෙනව.

Gigabyte AERO OC එක White සහ Silver Design එක නිසා minimalistic Builds වගේම White Builds කරන ඕනෑම කෙනෙකුට හොද තේරීමක් වෙනව. GIGABYTE Series එකේ ඇති Features සියල්ලම සමගින් White Theme එකකට වඩාත් ගැලපෙන Superior Performance ඇති Series එකක් ලෙස AERO නම්කල හැකියි.

Gigabyte EAGLE OC සහ EAGLE Graphics Cards වල Futuristic Shapes සමගින් නිම කල Shroud එකක් සහ Performance සහ basic Design එකකට කැමති ඕනෑම කෙනෙකුට Desktop එක සදහා තෝරාගත හැකියි.

ඉහත සදහන් කාන්ඩ වලදී ඇති Design සහ Feature වෙනස්කම් වලට අමතරව පහත සදහන් කර ඇත්තේ සෑම Gigabyte RTX 4070Ti GPU එකකටම ලබාදී ඇති නවතම පහසුකම්.

Gigabyte Windforce Cooling system එකේදී ප්‍රතිවිරුද්ධ දිශාවට කැරකෙන Fans 3ක් සහ විශාල Vapor Chamber තාක්ෂණය සහිත copper Heat pipes සහ GPU එක සමග Direct Contact වෙන block එකක් භාවිතා වෙනව. 3D Active Fan පහසුකම යටතේ GPU එකට අවශ්‍ය වන ආකාරයට Fans හැසිරවීම සිදුවෙනව.

Windforce Fans සදහා යොදාගනු ලබන graphene nano lubricant එක නිසා Fan වල ආයූ කාලය සාමාන්‍ය Fan එකක් මෙන් දෙගුණයකට වඩා වැඩිවෙනව. මේ නිසා වැඩි කාලයක් Low noise Fan Performance එකක් ලබාදිය හැකිවෙනව.

Gigabyte GPU එකේ ඇති Dual BIOS witch එක නිසා අමතර Software Install කිරීමනේ තොරව පහසුවෙන්ම Silent සහ performance Mode අතර මාරු විය හැකියි.

Gigabyte AORUS, GAMING OC, AERO OC, EAGLE OC මෙන්ම EAGLE Graphics Cards සදහා ලබාදී ඇති RGB Lighting පහසුකම GIGABYTE CONTROL CENTER එක හරහා පහසුවෙන්ම ඔබගේ PC එක වෙනස්ම ආකාරයකට Light up කරන්න කල හැකිවෙනව.

සෑම Gigabyte RTX 4070Ti Card එකකම සවිශක්තිය වැඩිකිරීම සදහා Metal Backplate එකක් යොදා ඇති අතර PCB එක තවදුරටත් සුරක්ෂිත කිරීම සදහා Anti-Sag Bracket එකක් අඩංගු වෙනව.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *