Home Games අලුත්ම Need For Speed ගේම් එක NFS UNBOUND
GamesGraphicsUpdates

අලුත්ම Need For Speed ගේම් එක NFS UNBOUND

Share
blank
Share

Electronic Arts (EA) සමාගමේ Iconic racing franchise එක වන Need For Speed (NFS) හි මීළග සංස්කරණය, NFS Unbound නිල වශයෙන් ඔක්තෝම්බර් 06 වන දින එලිදැක්වනු ලැබුවා.Anime කලා ශෛලියට සමග මුසුවූ මෙම නව නිර්මාණය වෙනස්ම අත්දැකීමක් ගෙන එන අතර Criterion Games විසින් Frostbite Engine එක මත සංවර්ධනය කර තිබෙනවා.නව පරම්පරාවේ Consoles වන PS5,Xbox Series X මත 4k 60fpsසමගින් සුපිරි Gaming අත්දැකීමක් ලබාදීමට සමත් මෙය පෙර මෙන් Single player offline mode එකකින් සහ Online multiplayer mode එකකින් සමන්විත වනවා.

NFS UNBOUND official trailer

Game player එක ගැන කථා කිරීමේදී ප්ලේයර්ට Game එක තුළ Drifting වැනි තමන්ගේ හැකියාව අනුව සහ Police chase වලින් මුදල් උපයාගැනීමට පුළුවන්,ඒවා ඔට්ටු තැබීමට සහ අනෙකුත් දේවල් මිලදී ගැනීම සදහා වියදම් කල හැක.සාපේක්ෂව හොද story line එකකින්ද,ඇමරිකන් රැප් ගායකයෙකු වන A$AP Rocky මෙහි ප්‍රධාන Character එකක් ලෙසද ඇතුලත් කරලා තියෙනවා.

blank
A$AP ROCKY{EA}

Criterion games විසින් මෙය Cross – Platform game එකක් ලෙස නිකුත් කරන අතරම ඒ හේතුවෙන් Gamersලට Console සහ Pc යන දෙයාකාරයෙන්ම එකම Lobby එකකට සම්බන්දවී Play කිරීමට පුළුවන්.සමස්තයක් ලෙස NFS franchise එකේ වෙනස්ම Graphics style එකක් සමගින් December 02වෙනිදා නිල වශයෙන් නිකුත් වීමට නියමිතව ඇති අතර Steam,EA app,Epic game store එක හරහා $69.99 කට pre-order කිරීමේ හැකියාව දැනටමත් සලසා දී තිබෙනවා.

source:EA

source:-https://www.ea.com/games/need-for-speed/need-for-speed-unbound

Share

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...