Home Tech News අඩු වයස් ඇති දරුවන් සමාජජාලා වෙත එක්වීම වැඩිවෙයි
Tech News

අඩු වයස් ඇති දරුවන් සමාජජාලා වෙත එක්වීම වැඩිවෙයි

Share
blank
Share

සමාජජාල සේවා වෙත පිවිස, ගිණුම් තනා ගෙන එහි සාමාජිකයින් සේ කටයුතු කළ හැකි ලොව පිළිගත් අවම වයස අවුරුදු 13ක්. එනම් අවුරුදු 13ට අඩු කිසිවෙක්ට ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ස්නැප්චට් යනාදී කිසිදු සමාජ ජාල සේවයක ගිණුමක් තනා භාවිතා කරන්න බැහැ.

එහෙත් මේ සීමාව හුදෙක් ප්‍රකාශනයක්ම පමණක් යැයි පසු ගිය නොවැම්බර්(2023) මාසයේ මහා බ්‍රිතාන්‍යයේ ජනසන්නිවේදන පර්යේෂණ ආයතනයක් වන ඔෆ් කොම් ආයතනයෙන් පළ කළ සමාජ සමීක්ෂණ වාර්තාවකින් පෙන්වාදී තිබෙනවා. එහි විශේෂයෙන් දක්වා තිබුණේ ලොව පුරාම රටවල අඩු වයස් සමාජජාල ක්‍රියාකාරීන් සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් තිබෙන බවයි. ඒ අනුව ලොව සිටින වයස අවුරුදු 10ත් 12ත් අතර ළමයි අතරින් 40%කට පමණ සමාජ ජාල ගිණුම් තිබෙනව.

අවුරුදු 13ට ඉහළ ළමයි නව යොවුන් වයසේ සිටින්නන්ය. ඔවුන්ගේ සමාජ දැනුවත්භාවය සහ හොඳ නරක තෝරා ගැනීමේ හැකියාව අධ්‍යාපනය මඟින් ඇති තරමට ඔප්නංවා තිබෙනවා. එහෙත් අවුරුදු 13ට අඩු දරුවන් තවමත් සමාජගත වී නැත්තවුන්ය. අපරාධ දසුන්, ලිංගිකත්වය විස්තර කෙරෙන වචන සහ රූප යනාදිය ඔවුන්ට නරකයි. මන්ද ඉන් දරුවාගේ මානසික සෞඛ්‍ය පිරිහෙන නිසයි. නරකට යොමුවීමේ ප්‍රවණතාවක් එමඟින් උපදිනවා.

අනෙක් අතට සමාජ ජාල ඔස්සේ හුවමාරු කෙරෙන විවිධ ව්‍යාජ පුවත් (fake news) සැබෑ ඒවා ලෙස මෙම ළමයි පිළි ගන්නවා. එසේම ඒවා ඔස්සේ හුවමාරු කෙරෙන අදහස්, විචාරයකින් තොරව පිළි ගන්නා මේ දරුවන් ඒවා සමාජ ආදර්ශ වශයෙන් සලකා ඒවාට හුරුවෙනවා. එය මහා සමාජ පරිහානියක්.

එහෙත් මේ කිසිවක් ගැන සමාජ ජාල සේවා සපයන ආයතන පුළුල්ව සිතා බලා නැතැයි, පෙරකී ඔස්කොම් වාර්තාව පළවීමෙන් පසුව බ්‍රිතාන්‍යයේ ළමා හිමිකම් සංවිධාන ගණනාවක් චෝදනා කර තිබෙනවා. ලොව පුරා මිලියන ගණනක් දරුවන්ට නොමනා දේ දෙමින් ඔවුන් නෑසූකන්ව සිටින්නේ යැයි බ්‍රිතාන්‍යයේ අන්තර්ජාලයේදී ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩ කරන ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙක් වෙන ජෝන් කාර් බීබීසී පුවත් සේවය හමුවේ කියා තිබෙනවා.

බොහෝ සමාජජාල සමාගම් මෙම චෝදනාවට පිළිතුරු නුදුන්නද ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සේවා වෙනුවෙන් එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ අඩු වයස් අයගේ ගිණුමක් හමුවූ සැණින් එය වසා දමන බවයි. ගිණුමේ හැසිරීම මෙන්ම කුකීස් මඟින් අඩු වයස් අය භාවිතා කරන ගිණුම් හදුනා ගත හැකි යැයි හේ කියා තිබෙනවා.

එහෙත් එය නිසි සේ ක්‍රියාත්මක නොවන්නක් බව ඔෆ්කොම් වාර්තාව එළිකරනවා. යම් ගිණුමක් සකසන විට එය සකසන තැනැත්තාගෙන්ම වයස අසා බැලීමේ ක්‍රමයකි, දැන් තිබෙන්නේ. ළමයි මෙතැනදී අසත්‍ය තොරතුරු ලබාදී අඩු වයස සඟවාලනවා. එනිසා මෙම සරල ක්‍රමය වෙනුවට වයස තහවුරු කර ගැනීමේ වඩා ශක්ති සම්පන්න ක්‍රමයක් සකසන ලෙස සමාජ ක්‍රියාකාරිහු බල කරනවා. ගුවන් බලපත්‍රය වැනි නිල හැඳුනුම්පතක් ඔස්සේ වයස තහවුරු කර ගැනීමේ ක්‍රමයක් සමාජ ජාල සේවාවලදී අනුගමනය කිරීමට යෝජනා කළත් එය ප්‍රකට නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...