Home Games ඉදිරියෙදි නිකුත් වෙන අලුත් Call of Duty ක්‍රීඩාව
GamesTech News

ඉදිරියෙදි නිකුත් වෙන අලුත් Call of Duty ක්‍රීඩාව

Share
blank
Share

මේ වසරේ නිකුත් වුනු Call of Duty: Modern Warfare 3 ක්‍රීඩාව තවත් එක අසාර්තක නිර්මානයක් බවට පත්වුනා. පරිගණක ක්‍රීඩකයන්ගෙන් මෙයට එතරම් හොද ප්‍රතිචාර ලැබුනෙ නැහැ. ඉතින් ඉදිරියෙදි නිකුත් වෙන නව Call of Duty ක්‍රීඩාව ගැන දැන් තොරතුරු එළිදරවු වී තිබෙනව. එමගින් Modern Warfare 3 තුලින් ලැබූ අසාර්තකත්වය නැති කරගැනීමට සංවර්ධකයන් බලාපොරොත්තු වෙනව.

මෙම අලුත් Call of Duty ක්‍රීඩාව 2025දි නිකුත් වෙන්න නියමිතයි. මේ පිලිබදව තවමත් කිසිදු නිළ නිවේදනයක් නිකුත් කර නැහැ. ඒත් ආරංචි මාර්ග වලට අනුව මෙම අලුත් ක්‍රීඩාව Black Ops 2 වල sequel ලෙස නිර්මානය වන බව දැනගන්න ලැබෙනව.

දැනට මෙම ක්‍රීඩාව සංවර්ධනය වෙන්නෙ Saturn කියන කේත නාමය යටතේ. මෙයට රසිකයන් ආදරය කරන පරන චරිත වන Mason සහ Woods නැවත ඇතුලත් වනු ඇති බවට වාර්තා වෙනව.

මෙය ගල්ෆ් යුද්ධය වටා සැකසෙන බව වාර්තා වෙනව. අප දැන සිටි සහ ආදරය කළ බ්ලැක් ඔප්ස් කථා වස්තුව නැවත ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. අනාගතවාදී ක්‍රීඩාවක් වීම  හැරුණු විට, classic ‘pick 10’ create-a-class, gunfight game mode, සහ round-based zombies game mode මෙහි ඇත.

කෙසේ වෙතත්, ක්‍රීඩාව එහි සංවර්ධනයේ මුල් අවධියේ බව දැන දැනම ක්‍රීඩාවෙ movement system වැඩිදියුණු කර ප්‍රතිසංස්කරණයක් ලබා ගනු ඇති බවට කටකතා ඇත. දැනට, ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අලුත් ක්‍රීඩාවක් බවට පත් කරමින් පවතින අතර, පැරණි Call of Duty ක්‍රීඩා වලින් guns, skins, සහ other cosmetics රැගෙන යාමේ හැකියාවක් නැහැ.

අවසානයට පැමිනි Call of Duty ක්‍රීඩාව වන Black Ops 4, බෙහෙවින් බලාපොරොත්තු සුන් කරවන සුළු උනා. මෙම වසර මුලදී, @el_bobberto නමින් ට්විටර් ගිණුමක් 2025 සඳහා වන Call of Duty අනුප්‍රාප්තිකය පිළිබඳ කටකතා පැතිර ගිය සිතියම් ලැයිස්තු කිහිපයක් පළකර තිබුන. එහිදී දක්නට ලැබුණු පරිදි, Standoff සහ Aftermath වැනි පැරණි Black Ops සිතියම් බොහොමයක් නැවත පැමිණෙන බව පෙනී ගියා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....